ලංකාවට වැටෙන්නේ පුල්ටොස් එකක්ද – යෝකර් එකක් ද?

Date:

සටහන – නිෂ්මං රණසිංහ

ජනවාරි 14, LNW (කොළඹ): ලෝක කුසලානය සම්බන්ධයෙන් ඉන්දියානු හැසිරීම බංගලාදේශයට බලපෑමක් කර ඇත.ඒ අයිපීඑල් තරගාවලිය සඳහා තෝරා ගත් මුස්තාෆිසුර් රහ්මාන්ගේ ඉවත් කිරිමත් සමඟය.එක් බංගලාදේශ ක්‍රීඩකයෙකුට ආරක්ෂාව දිය නොහැකි රටක් කණ්ඩායමකට ආරක්ෂාව දෙන්නේ කෙසේද යන්න ඔවුන්ගේ මූලික තර්කය කරගෙන ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවේ පැවත්වෙන තරගවලට සහභාගිවීම බංගලාදේශය ප්‍රතික්ෂේප කරමින් සිටියි.

අයිසීසිය ඉන්දියානුකරණය වීම මත මේ ගැටළුව අයිසීසී ය විසින් ඉන්දියානු අධිපතිවාදයට සිරස නමමින් ප්‍රතික්ෂේප කරයිද යන ගැටළුව දෙස මේ මොහොතේ ලෝකයම බලා සිටියි.ඉන්දියානු අධිපතිවාදය යන්න අයිසීසී ය සමග සම්බන්ධ වන්නේ ජේ ෂා එහි සභාපතිවරයා වීම නිසාය.ඉන්දියානු ක්‍රිකට් පරිපාලනය දේශපාලනික වෙමින් මුස්තාෆිසූර්ගේ සිඳුවීමට මුල් විම නිසා එයින් ෂා ට පමණක් නොව අයිසීසීය ට ද යගකීම පැවරී ඇති අතර ලෝකය වුව ලෝක ක්‍රිකට් ප්‍රධානියා මේ තත්ත්වය තුළ සමානත්මතාවයෙන් ලෝකයට සළකන බව විශ්වාස කරන්නට මැලිවනු ඇත.

ෂා ගේ නික්ම යාමෙන් පසුව සූරියකුමාර් යාදෙව් හරහා ද එතැන් සිට මුස්කාෆිසූර්ගේ සිඳුවිම දක්වාම ඉන්දියානු ක්‍රිකට් දේශපාලනික කුණුවලින් ක්‍රිකට් කිළිටි කරමින්,ක්‍රීඩාවක ගුණයට වඩා ක්‍රිකට් දේශපාලන මෙවලමක් කරන්නට කටයුතු කර ඇත.ඒ නරක තත්ත්වය නිසා අයිසීසී ඉසව්වක් වන ලෝක කුසලානය වැනි තරගයකදී ක්‍රීඩකයෙක් වද්දා ගන්න බැරි ඉන්දියාවට කණ්ඩායමම එවීමට බංගලාදේශය ගනු ලබන තීරණයට ඉන්දීය ජාතිකයෙකු සභාපතිත්වය දරන අයිසිසීයට බලපෑම් කිරිමට අයිතියක් නැත.ලෝකය වුව එය පිළි නොගන්නවා විය හැකිය.
මේ තත්ත්වය මත ඉන්දියාවට ලෝක පරිමානයෙන් අත් විය හැකි අපවාදය දැක ඉන්දිය ක්‍රිකට් පාළකයන් පළමු කොට මුස්ෆිතාසූර් අයිපීඑල්වලින් ඉවත් කිරීමට කරන ලද ඉල්ලීම ප්‍රසිද්ධයේ හකුලා ගත යුතුව ඇත.එහෙත් මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය අනුව ඉන්දියාවට මුස්ෆිතාසූර්ට විශේෂ ආරක්ෂාවක් දීමට සිඳුවන අතර එය දෙස ද ලෝකය බලා සිටියි.එසේම ඉන්දියාවෙන් අයිසීසී මුල් පුටුවයට ගිය පුද්ගලයා මේ මොහොතේ සාධාරන වන්නනම්,ඉන්දියාවට පක්ෂපාතී නොවන බව ලෝකයට පෙන්වා දෙන්නනම් කළ යුතුව ඇත්තේ බංගලාදේශය ඉල්ලා සිටින තරග ඉන්දියාවේ නොපවත්වා ශ්‍රී ලංකාවේ පැවත්වීමය.

එයට ඇති එකම පහසුකම බංගලාදේශයේ තරග සමඟ ශ්‍රී ලංකාවේ තරග එකම දිනයට යෙදී නැති නිසා ශ්‍රී ලංකාවේ තරග පැවත්වෙන ක්‍රීඩාංගණවල ගැටළුවක් මතු නොවීමය.එය කළමණාකරනය කළත් සාමාන්‍යෙයන් දවසක් ඇර දවසක් ලෙස තරග පැවත්වීමේදී ස්ථානය එකම වීම වැළක්වීම ගැන අවධානය යොමු කළ යුතුය.වැඩි මිනිස් සේවක පිරිසක් මෙන්ම තාක්ෂණික කටයුතුවලට,අළුත්වැඩියා සහ කළමණාකරණ කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීමට පිරිස් සොයා ගැනීම වැනි ගැටළු මෙන්ම මාධ්‍ය කටයුතු වෙනුවෙන් පහසුකම් සළසා ගැනීම වැනි කාරණාවලට ද යම් අතිරේක පිරිසක් යෙදීමට අයිසීසී යට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ද සිඳුවීම නොවැළක්විය හැකි වනු ඇත.
මෙ සියල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වෙන වැය දරන්නට අයිසීසීය ඉදිරිපත් විය යුතුය.ඒ අනුව එය කළමණාකරනය කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කළ හැකි වනු ඇත.එය තවත් අතකින් අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකා පරිපාලනවය ලැබෙන හොඳම හොඳ අවස්ථාවක් ද වන්නේය.

එසේ බලන විට බංගලාදේශයේ ඉල්ලීම ශ්‍රී ලංකාවට හොඳට අත දිග හැර පහර දිය හැකි ලකුණු ලබා ගත හැකි පහසුම ප්‍රවර්ගයේ පුල්ටොස් පන්දුවක්ය.එහෙත් ශ්‍රී ලංකාව මේ මොහොතේ ඊට මුහුණ දෙමින් සිටින්නේ සහ යොමුවී තිබෙන්නේ භයානක යෝකර් පන්දුවක් ලෙසින්ය.ඉන්දියාව මෙන්ම අයිසීසීය ද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය ගැන තබා තිබෙන දැඩි විශ්වාසය ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට පමණක් නොව භූදේශපාලනය සම්බන්ධයෙන් ද වැදගත්ය.ඒ අනුව බංගලාදේශය සමඟ එක්ව මේ තත්ත්වයට එකඟතාවය පළ කර අපට මෙය කළ හැකියි කීම සමහර විට යෝකර් පන්දුව පිත්තේ නොගැටී කඩුල්ල කරා ඇදී යා හැකි තත්ත්වයක්ය.
ඒ නිසා තවමත් පන්දුව එන ගමන් මඟ පැහැදිළි නැත.එය පුල්ටොස් මෙන්ම යෝකර් වීමේ තත්ත්වය තවම හඳුනා ගන්න අපහසුය.අයිසීසී ය තුළ මේ කාරණය සැළකිල්ලට ගන්නා ආකාරය අනුව ශ්‍රී ලංකාවට මේ පන්දුවට මුහුණ දීමට සිඳුවනු ඇත.සරලවම කිවහොත් ඒ එකඟතාවය අනුව පන්දුව යොමු වන්නේ පුල්ටොස් ලෙස ද,යෝකර් ලෙස ද යන්න තීරණය වනු ඇත.
කෙසේ වුව ත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සභාපතිවරයා මීට දින කිහිපයකට පෙර මාධ්‍යයට පැවසූ පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ පහසුකම් ඉහළින් පවත්වා ගැනීම ගැන මෙන්ම එවැනි ක්‍රීඩාංගණ ජාත්‍යන්තර මට්ටමට උසස් කිරිමට මෙන්ම ජාතික මට්ටමෙන් ඉහළ තලයට වැඩි කර ගැනීම ගැන ද අවධානය යොමු කර ඇත.පළමු පෙළ තරග පැවත්වීම සඳහා ද දැන් පවතින ජාතික මට්ටමේ දක්ෂයන්ට මතු වන්නට දී ඇති ඉඩකඩ අනුව පැවත්වෙන තරගාවලි සඳහා ප්‍රමාණවත් ක්‍රිඩාංගණ නැති බව ද ඔහු පෙන්වා දුන්නේය.එසේම දිවයිනේ කුමන දිස්ත්‍රික්කයකින් හෝ අක්කර 10 ඉක්මවා යන ඉඩම් ඇත්නම් ඒවා රජයේ වේවා පෞද්ගලික වේවා මිලට ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම් බව ද කීවේය.
ඒ අපේක්ෂිත දිගු ගමනේ හොඳ ආරම්භයක් හැටියට ශ්‍රී ලංකාවට බංගලාදේශ තරග ලැබෙනවානම් යහපත්ය.හැබැයි හරියටම පන්දුවේ ස්වභාවය තීරණය කිරීමේ පරිපාලන ඥාණය මෙහෙයවීම මෙහිදී වැදගත්ය.සමහර විට පුල්ටොස් පන්දුවලට ද දැවී යන අවස්ථා තිබෙන බැවින්ය.

බංගලාදේශ ක්‍රීඩා අමාත්‍ය අසීෆ් නස්රූල් තවමත් සිටින්නේ ඉන්දියාවට නොයන තැනය.බංගලාදේශය නොගොස් සිටියහොත් ඊට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමද පහසු නැත.මේ ක්‍රිකට් ගැටුම රටවල් නොව ලෝකයම පැටලෙන මට්ටමට අවුල් වෙමින් තිබීම ගැන ශ්‍රී ලංකාව ද කල්පනාවෙන් වැඩ කළ යුතුව ඇත.මන්ද තරගාවලිය පැවත්වෙන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බැවින් ඉන්දියාවට යාමට නොහැකිනම් බංගලාදේශය තරග කළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකාවේදී ය.ඔවුන් ඊට විරුද්ධ ද නැති නිසා මේ ගැටළුවේ නිහඬ එහෙත් ලොකු බරක් පැටවුණ පාර්ශවයක් ලෙස ශ්‍රී ලංකාවද සෘජුවම ගැටළුවේ පාර්ශවයක් බවට පත් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටැන්සානියාවේ  Natron  විලේ ඇති අත්භූත රහස්….

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටැන්සානියාවේ පිහිටි...

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...