කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW:

Lanka Ride තෙදින පාපැදි සවාරියේ පළමු දිනය මහනුවරින් පළමුවැන්නා ලෙස නිමා කළ සඳරුවන් පිංතු තරගයේ දෙවන දිනය වන ජනවාරි 17 වන දා මහනුවර සිට අනුරාධපුර බලා යන ගමණේ දී කහ ජර්සියෙන් තරග වඳිනු ඇත. මහනුවර සිට අනුරාධපුර දක්වා යන ගමන් මාර්ගය දෙපස රැස්වන පාපැදි ලෝලී ප්‍රේක්ෂකයන්ට තරගයේ පෙරමුණේ රැඳෙන තරගකරු දැන ගැනීමට හැකි ලෙස පාපැදි තරග සංස්කෘතිය තුළ පිරිනැමෙන කහ ජර්සිය රැක ගැනීමට අද දවසේ දී මේ වන විට තරගාවලියේ කණ්ඩායම් අංශයෙන් පෙරමුණේ සිටින යුද හමුදා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගෙන් ද විශාල සහයක් ලැබෙනු නිසැකය.


පළමු දිනය නිමාවේ තරගයේ දෙවන ස්ථානය ලබා ගත්තේ ද යුද හමුදා පාපැදි කණ්ඩායමේම සුරංග පෙරේරා වන අතර ඔවුන් දෙදෙනාට කරට කර සටනක් දෙමින් තෙවැන්නා ලෙස තරගය නිමා කළ ජාඇල ෆ්ලෑස් වීල් පාපැදි සමාජයේ දේශාන් කාවින්ත සමස්ත තරගයේ අවුරුදු 23 න් පහළ තරගකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්ව සිටියි.සඳරුවන්,සාරංග,සහ දේශාන් සමඟ එම කාලයම වාර්තා කරමින් (පැය 2:52:41) තරගයේ සිව්වැන්නා ලෙස තරගය නිමා කළ දෙහිවල ගල්කිස්ස නගර සභා කණ්ඩායම නියෝජනය කළ සාරග රණවීර තරගයේ සිව්වැන්නා ලෙස තරගය නිමා කළේය.පැය 2:53:09 න් තරගය නිමා කරමින් පළමු දිනයේ පස්වැන්නා ලෙස තරගය නිමා කළේ කදිරාන ස්පීඩ් ක්‍රීඩා සමාජයේ සිතුම් පූර්ණ ය.


අද දවසේ තරගය වඩාත් තරගකාරී විමට බල පෑ හැකි ප්‍රධාන සාධකයක් වන්නේ පෙරමුණ ගෙන සිටින යුද හමුදා කණ්ඩායම,දෙවන තැන සිටින දෙහිවල ගල්කිස්ස නගර සභා කණ්ඩායම සහ තෙවන තැන සිටින ගුවන් හමුදා කණ්ඩායම් සිය කණ්ඩායම්වල පෙරමුණ ගැනීමට වැඩි ඉඩක් ලැබෙන තරගකරුවන් පෙරමුණට ගෙන එමින් කණ්ඩායම් තරගය ජය ගැනීමට දක්වන දායකත්වයය.දැනට ඉදිරියෙන්ම සිටින යුද හමුදාව සහ දෙහිවල ගල්කිස්ස කණ්ඩායම අතර පරතරය විනාඩි 1:31 ක් වන අතර තෙවන තැන සිටින ගුවන් හමුදාව,යුද හමුදාවේ කාලයට වඩා විනාඩි 2.00 ක් පිටුපසින් සිටින්නේය.


නමුත් වත්මන් පාපැදි කේෂ්ත්‍රෙය් තරගකාරීත්වය සහ වේගය සළකා බලන කළ මෙම කාල පරතරයන් සුළුවෙන් ගත නොහැකිය.සියල්ලන්ම පාහේ එකිනෙකාට නොදෙවැනි වේගයකින් තරග කළ හැකි මට්ටමේ තරගකරුවන්ව සිටින බැවින් විනාඩියක කාල පරතරයක් යනු විශාල පරතරයක් ලෙස ගත හැකිය.එහෙත් කණ්ඩායම් ලෙස අවබෝධයෙන් සහ අවධානයෙන් තරග වැදෙද්දී සිඳුවන වෙනස්කම් මත කණ්ඩායම්වල ඉලක්ක ගත තරගකරුවන් සිය කාලය කළමණාකරනය කර ගන්නා ආකාරය අනුව තරගයේ තීරණයට බලපෑම් ඇති විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...