ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

Date:

email sharing button

sms sharing button 

sharethis sharing button 

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW:

අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 203 ක ජයක් හිමි වුණා.ඒ ජපානයට එරෙහිවයි.ජපනුන් යනු හපනුන් වුව ද,ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේදී හපනුන් නොවන බවත්,ඔවුන් හපන් දක්වන්නට අවශ්‍යය ශීල්පීය ක්‍රම ගැන ශ්‍රී ලංකාවට සමීපව සිට ඉගෙනගන්නා බවත් ඇත්ත නමුත්,ශ්‍රී ලංකාව මේ තරගයේදී ලෝක කුසලාන ඉතිහාසයට නව පිතිකරණ වාර්තා දෙකක් එක් කරමින් දක්වන ලද දක්ෂතා පහසුවෙන් නොසළකා හැරිය නොහැකියි.


අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම ඉණිම දියත් කරමින් මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයෙන් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක් වුණ විරාන් චමුදිත ලකුණු 192 ක් රැස් කරමින් මීට පෙර එම වාර්තාව සතුව තිබූ හසිත බෝයගොඩගෙන් එය උඳුරා ගන්නට සමත් වුණා.බෝයගොඩ 2018 පැවති තරගාවලියේදී කෙන්යාවට එරෙහිව ලකුණු 191 ක් රැස් කරන්නට සමත් වුණා.විරාන් චමුදිතගේ ඉණිමෙන් පසුව 19 න් පහළ ලෝක කුසලාන ඉතිහාසයේ මීට පෙර පැවති හොඳම ඉණිමේ වාර්තාව හොඳම ඉණිම දෙකම ශ්‍රී ලංකාවට හිමිවෙමින් අවසන්ව තිබෙනවා.විරාන් පන්දු 143 දී හතරේ පහර 26 ක් සහ එක් හයේ පහරකින් පොහොසත් කළ ඉණිම නැරඹූ කිසිවෙකුගේ මතකයෙන් බැහැර කළ නොහැකි එකක් වෙනු ඇති.


එසේම විරාන් සමඟ ඉණිම ඇරඹූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දිමන්ත මහවිතාන සහ විරාන් එක්ව ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වන ලකුණු සබඳතාවයේ වාර්තාවද සිය නමට එකතු කර ගන්නට සමත් වුණා.ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 328 ක් එක් කරන්නට සමත් වූ අතර ඒ සඳහා දිමන්තගේ දායකත්වය ලකුණු 115 ක් වුණා.
මෙහිදී පුහුණු තරග දෙකේම ලකුණු නැතිවීම නිසා විවේචනයේ ගොදුරක්ව, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ සිට තේරීම් කමිටුව දක්වා වන සෑම අයෙකුටම පහර කෑමට හේතුවක් ඇති කළ ශ්‍රී ලංකා නායක විමත් දින්සර විරාන්ගෙන් සහ දිමන්තගෙන් පසුව වැටෙන්නට ගිය ශ්‍රී ලංකා ඉණිම නැවත ගොඩ ගනිමින් පන්දු 24 දී ලකුණු 44 ක් රැස් කරන්නට සමත් වුණා.


කෙසේ නමුත් තරගාවලිය සම්බන්ධයෙන් මහා විශාල බලාපොරොත්තු තබා ගැනීමේ ජය හැටියට ජපානයට එරෙහිව ලැබූ මේ වාර්තාගත ජයග්‍රහණය අනන්‍යතාවයක් වන්නේ නැහැ.තරගයෙන් තරගය එක ලකුණකින් හෝ ජය ලබන්නේ කෙසේද කියා සැළසුම් කිරීම සහ ඒ සැළසුම ජයග්‍රහණය ලැබෙන තෙක් මෙහෙයවීම මෙහිදී වැදගත් වෙනවා.එසේම ක්‍රීඩකයින් ජය හා පරාජය කියන කාරණාවන් දෙකේදීම මෙරට සමාජ මාධ්‍යය හරහා නිර්මාණය වෙමින් පවතින අති විශාල ක්‍රිකට් ඥාණවන්තයන්ගේ පෙර නිමිති දැකීම් වලින් පිම්ඹෙන්නට හෝ හැකිලෙන්නට නොයාමේ වැදගත්කමත් මෙහිදී තේරුම් ගන්නට වෙනවා.


ශ්‍රී ලංකාව මේ තරගයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 387 ක් රැස් කළ අතර නිසි ඉලක්කයට පන්දු යවමින් තිමොති මූරේ ලකුණු 43 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.පන්දු වාර හයකදී ලකුණු 43 ක් ඔහුගෙන් උඳුරා ගත්තද කඩුල්ල කෙළින් පන්දු යැවීම ඔහු අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර දවා ගත් කඩුලු තුනම පන්දුව කඩුල්ලේ දැවටීමෙන් දවා ගත් ඒවා වීම කැපී පෙනෙනවා.
ජපානය ද මේ තරගයේදී ලකුණු 203 ක පරාජයක් ලැබුව ද,ක්‍රිකට් ක්‍රීඩාවේ ආයුු කාලය සළකා බලද්දී පන්දු ඕවර් 50 තුළ සියල්ලන්ම දැවී නොයාම අගය කළ යුතුයි.එසේම හියුගෝ කෙලී අංක තුන පිිතිකරුවා ලෙස පිටියට පිවිසි පන්දු 162 ක් තුළ ලකුණු 101 ක් ලබා නොදැවී සිටීම ද අගය කළ යුතු වෙනවා.හතරේ පහර 6 ක් සහ හයේ පහර එකකින් පොහොසත් වුණ එම ඉණිම ශ්‍රී ලංකාවටද සතුටු විය හැකි එකක් වන්නේ ජපානයේ ක්‍රිකට් ක්‍රීඩා තාක්ෂණය පොහොසත් කරමින් ක්‍රිඩක දක්ෂතා සංවර්ඛනයට ප්‍රධාන වශයෙන් දායක වන්නේ ශ්‍රී ලංකාව වෙන නිසයි.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකියි.
https://bit.ly/4a0aycD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...

නන්දන ගුණතිලක නික්ම යයි !

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු...