ඉන්දීය ත්‍යාගය නිසා ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රු. මි. 1.5ක මුදලක ඉතිරියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW :

ඉන්දීය යුද හමුදාපති උපේන්ද්‍ර ද්ව්වේදි විසින් ශ්‍රීලංකා යුද්ධ හමුදාවට ප්‍රධානය කළ නව ජීප් රථ 20ක් භාවිතයට ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රුපියල් මිලියන 1.5ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී තිබෙන බව වාර්තා වේ .

මෙම ජීප් රථ තොගය ඉන්දීය යුද හමුදාපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර ශ්‍රී ලංකා යුද හමුදාව වෙත නිල වශයෙන් පිරිනමන ලද්දේ හමුදාපතිවරුන් දෙපළ අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතාවයේ සංකේතයක් වශයෙනි.

යුද හමුදාවේ පරිපාලන සහ ක්ෂේත්‍ර රාජකාරි සඳහා මෙතෙක් පෞද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන තිබූ වාහන වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 1.5ක (ලක්ෂ 15ක) මුදලක් වැය කිරීමට සිදුව තිබුණ බව පැවසේ.

මෙම නව ජීප් රථ සේවයට එක් කිරීමත් සමඟ එම කුලී පදනමේ වාහන ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ හරහා වසරකට රුපියල් මිලියන 18කට අධික රජයේ මුදලක් ඉතිරි වනු ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...