ඩෙන්මාර්කය පුරා ඇති වීදි ලාම්පු රතු පාට වෙන්නට හේතුව කුමක් වේද? 

Date:

සටහන – පුලී

ජනවාරි 18, කොළඹ (LNW): රට තොට විස්තර සොයා බලන අවස්තාවක ඩෙන්මාර්කයේ අමුතු ගැජමැටික් ක්‍රියාවලියක් ගැනයි මේ කියන්න යන්නේ. මේ දිනවල ඩෙන්මාර්කය වෙනස් ආකාරයේ වීදි ලාම්පුවක් අත්හදා බලමින් සිටින අතර එය දීප්තියට වඩා වර්ණය වෙනස් කිරීමට නැඹුරුව පවතී. කෝපන්හේගන් අසල තදාසන්න ප්‍රදේශයක, තෝරාගත් මාර්ගවල හුරුපුරුදු සුදු ලාම්පු රතු ආලෝකකරණයෙන් ප්‍රතිස්ථාපනය කිරීම මේ ක්‍රියාවලියේ මූලික අරමුණයි.

මෙම නව වර්ණ මාරුව පරිමාණයෙන් කුඩා නමුත් ඒ පිටුපස චේතනාන්විත අරමුණු වලින් අනූනය.

බලධාරීන් පවසන අන්දමට එය වනජීවීන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර එපමණක් නොව වීදිවල සැරිසරන මිනිසුන්ට ද ආරක්ෂාකාරී වනු ඇති බවයි.

නාගරික ආලෝකකරණය දිගු කලක් තිස්සේ දෘශ්‍යතාව සහ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කර තිබුණ ද මෙම ව්‍යාපෘතිය එම මන්දගාමීව පැවැති ප්‍රවේශය නැවත තක්සේරු කිරීමක් පිළිබිඹු කරයි. 

එය පර්යේෂණ, දේශීය තත්වයන් සහ පුළුල් තිරසාර ඉලක්ක මත පදනම් වේ. දැනට එක් ප්‍රදේශයකට සීමා වුවද, අත්හදා බැලීම ඩෙන්මාර්කයෙන් ඔබ්බට ගෙන යෑමට ද ඔවුන්ගේ අවධානය යොමුව පවතී. මන්ද වෙනත් තැන්වල නගර අවට පරිසරයන් යටපත් නොකර වීදි ආලෝය සපුරන්නේ කෙසේද යන්න පිළිබඳව සමාන ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින බැවිණි.

මෙම ව්‍යාපෘතිය කෝපන්හේගන් නගරයට ආසන්නයේ පිහිටි ග්ලැඩ්සැක්ස් හි සිදුවෙමින් පවතී. ස්කොව්බ්‍රයිනෙට් අසල ෆ්‍රෙඩ්රික්ස්බෝර්ග්වේජ් හි සමහර කොටස් දිගේ සම්මත වීදි ලාම්පු රතු පැහැති ආලෝකකරණයකින් ප්‍රතිස්ථාපනය වේ. ග්ලැඩ්සැක්ස් මහ නගර සභාවේ මාධ්‍ය නිවේදනයට අනුව, මෙම ප්‍රදේශය දේශීය වවුලන් ජනපදයක් බව එහි වෙසෙන සියල්ලෝම දන්නා කරුණකි. විදුලි පහන් සම්පූර්ණයෙන්ම නිවා දැමීමට වඩා, මහ නගර සභාව ආලෝකය වන සතුන් සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය වෙනස් කරන වර්ණයක් තෝරා ගෙන ඇත්තේ ද අන්න එබැවිනි. වෙනස දෘශ්‍යමාන වන්නේ රාත්‍රියේදී පමණක් වන අතර මාර්ගයේ වෙන් වුණ කොටස් දිගේ පමණකි.

කෘත්‍රිම ආලෝකකරණය වවුලන් චලනය, පෝෂණය සහ සංචලනය කඩාකප්පල් කළ හැකි බව අධ්‍යයනවලින් හෙළි වී ඇත. එහිදී නිල්, කොළ හෝ සුදු වැනි කෙටි තරංග ආයාම අඩංගු ආලෝකය ප්‍රබලම බලපෑමක් ඇති කරයි.

නෙදර්ලන්තයේ පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ දිගු තරංග ආයාම ඇති රතු ආලෝකය වවුලන්ගේ හැසිරීමට අඩුවෙන් බාධා කරන බවයි. කෘමීන් දඩයම් කිරීමේදී වවුලන් සඳහා ද එය වඩාත් සුදුසු යැයි ද සැලකේ.

මාර්ගයේ සමහර තීරු දැන් රතු ආලෝකය භාවිතා කළද, රියදුරන් සහ බයිසිකල්කරුවන් සඳහා ආරක්ෂාව ප්‍රමුඛතාවයක් ලෙස පවතී. මංසන්ධි සහ හරස් මාර්ග ස්ථානවල, උණුසුම් සුදු ආලෝක තවමත් භාවිතා වන අතර වඩාත්ම අවශ්‍ය ස්ථානවල දෘශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා මේවා ඉහළ කුඹගස් මත සවි කර ඇත. 

ග්ලැඩ්සැක්ස් මහ නගර සභාවේ මාර්ග ඉංජිනේරු ජොනස් ජෝර්ගන්සන් පැවසුවේ ප්‍රවේශ්‍යතාව අඩු නොකර බාධා සීමා කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය බවයි. සම්පූර්ණ අන්ධකාරය වවුලන් සඳහා වඩාත් සුදුසු වනු ඇති නමුත් පොදු මාර්ගයකට යථාර්ථවාදී නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන සියලු රටවල් වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් නව බදු පනවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තමා ග්‍රීන්ලන්තය අත්පත්...

ඉන්දීය ත්‍යාගය නිසා ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රු. මි. 1.5ක මුදලක ඉතිරියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : ඉන්දීය යුද හමුදාපති...