මනූෂ අත්අඩංගුවට නොගන්නා බව CIDය දැනුම් දෙයි. FR පෙත්සම ඉල්ලා අස්කර ගනී

සටහන – රුවන් නෙළුගොල්ල

කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (19) එස්. තුරෙයිරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතිඥ ලක්මාලි කරුණානායක මහත්මිය කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ සීමිත විරෝධතා වග උත්තරකරුවන් වෙනුවෙන් තමන් ගොනුකර ඇති බව ප්‍රකාශ කළාය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ දිවුරුම් ප්‍රකාශයක් ද වග උත්තරකාර පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මනූෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...