උතුරු කොරියාවේ කිම් ජොන් උන් උප අගමැතිව ධුරයෙන් පහ කරයි: නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් විසින් එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා එම ධුරයෙන් වහාම පහකර ඇති අතර, රජයේ ව්‍යාපෘති ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් සෙසු නිලධාරීන්ට ද දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවූ යැං සුන්-හෝ නමැති මෙම නිලධාරියා අදක්ෂයෙකු ලෙස හඳුන්වමින් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම විශේෂ සිදුවීමක් ලෙස විදේශ මාධ්‍ය පෙන්වා දෙයි.

පාලක පක්ෂයේ වැදගත් සමුළුවකට පෙර රාජ්‍ය නිලධාරීන් අතර විනය දැඩි කිරීම සහ පාලනය ශක්තිමත් කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ වී ඇත.

මීට අමතරව, සිය ආරක්ෂාව පිළිබඳ පවතින ගැටලු හේතුවෙන් මෑතකදී උසස් හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුද වෙනස් කිරීමට ඔහු කටයුතු කර තිබේ. මෙම සිදුවීම් හරහා කිම් ජොන් අන් තම බලය තහවුරු කර ගැනීමට සහ අසාර්ථක නිලධාරීන්ට අනතුරු ඇඟවීමට කටයුතු කරන බව පෙනී යයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : රාජගිරිය , ඔබේසේකරපුර,...

පෞද්ගලික අංශයේ අවම වැටුප ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : 2026 ජනවාරි පළමු...

හරිනිට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් දින දෙයි!

කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය...

සැබෑ සාමයේ නිර්වචනය…

රෂිකා හෙන්නායක ජනවාරි 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...