ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග මිචිගන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක මෝටර් රථ සියයකට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිචිගන් ප්‍රාන්තයට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග අධික හිම පතනයක් සිදුව ඇති අතර ඒ සමගම අධිවේගී මාර්ගයක ගමන් කළ මෝටර් රථ ලිස්සා යාමත් සමග සියයකට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී ඇතැයි වාර්තා වෙයි.
ඒ සමගම එම අධිවේගී මාර්ගයේ ගමන්ගමන කටයුතු ද සම්පූර්ණයෙන් ඇණහිට අතර අනතුර හේතුවෙන් මෝටර් රථ තුළ ගමන් කළ පුද්ගලයින් කිහිප දෙනෙකු ද සුලු තුවාල ලබා ඇති බව සදහන්.
මේ අතර උතුරු මිනසෝටා,නැගෙනහිර විස්කොන්සින්, ඉන්දියානා,ඔහයෝ, පෙන්සල්වේනියා, නිව්යෝර්ක් යන ප්‍රදේශයන්ට අධික සීත කාලගුණය හා හිම කුණාටු තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එරට කාලගුණ අංශ දැනුම් දී තිබේ.


