ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන කැන්විල් හෝල්ඩිංග්ස් සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අභිලාෂ කැඳවා තිබේ.

Sinolank යනු කොළඹ ඉහළ වානිජ වටිනාකමක් ඇති ග්‍රෑන්ඩ් හයට් ගොඩනැගිල්ල අයත් සමාගමයි. ග්‍රෑන්ඩ් හයට් යනු ජාත්‍යන්තර තරු 5 ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ ඉහළම මට්ටමේ සුවිශේෂී ආගන්තුක සත්කාර දේපළකි. දේපළෙහි උපරි ව්‍යුහය (superstructure) මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අවසන් කර ඇති අතර ඉතිරි කටයුතු සඳහා ආයෝකයෙකු බලාපොරොත්තු වන බවයි රජය සඳහන් කරන්නේ.

ඉන්දියානු සාගරයට මුහුණ ලා ඇති මෙම දේපළෙහි කාමර 458 කින් සහ අමතර සේවා සපයන ලද මහල් නිවාස 100 කින් සමන්විත ආකර්ෂණීය මහල් 47 ක ව්‍යුහයක් ඇති අතර, ඒ සියල්ල සාගරයට මුහුණලා පිහිටි අක්කර 2.32 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇත.

සේවක අර්ථසාධක අරමුදල ද කැන්විල් හෝල්ඩිංග්ස් හි ප්‍රධාන ආයෝජකයෙකු වන අතර අරමුදල රු. බිලියන 5ක් (පොත් අගය) මේ වන විට එහි ආයෝජනය කර තිබේ.

මේ සඳහා උනන්දුව දක්වන පාර්ශවයන් හට https://www.treasury.gov.lk/web/restructuring-canwill ඔස්සේ වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධ විය හැකිය.

අභිලාෂ ප්‍රකාශ කිරීමේ කාලය 2026 පෙබරවාරි 16 වන සඳුදා, ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පස්වරු 2 ට (පැය 14:00) අවසන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...