කොළඹ LNW:මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගැන්වීමට උත්සහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි.
නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය බිය ගන්වා තමන්ට ඕන දේ කරගැනීමට මෙම ආණ්ඩුව උත්සාහ කරන බවයි ඔහු පවසන්නේ.
එහෙත් නිතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ පද්ධතියත් මේ ආණ්ඩුවේ මර්දනයට යට නොවන බවට තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවද ඔහු ප්‍රකාශ කරයි.
”ආණ්ඩුව එදා අපට අසීමිත බොරු කියලා ඔවුන් විසින්ම ගිහින් බොරු පැමිණිලි දාලා බොරු දූෂණ විරෝධී කමිටුවේ ලේකම්වරයා විදියට හිටියෙ කවුද දැන් පොලිස් ඇමතිවරයා. ඉතිං ඒ අය එකතු වෙලා එතකොට සී අයිඩී එකේ යහපාලන කාලයේ ප්‍රධානියා හිටියේ කවුද දැන් සී අයි ඩි එකේ ප්‍රධානියා. පාස්කු ප්‍රහාරයේ සාක්කි නැත්නම් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම් හැංගුවේ කවුද දැන් එන සී අයිඩී එකේ ප්‍රධාන නිලධාරියෙක්. ඔහු දේශපාලන වේදිකාවේ ඉඳලා පත්කරා. හැබැයි මේ අය පත්කරලා තමන්ගේ දේශපාලන වේදිකාවේ ගොඩනඟපු තර්කයන් නීතිපතිවරයා හමුවේ ඔප්පු කරන්න උත්සාහ කරනවා. බොරු සාක්කි හදලා. එතනින් එහාට නීතිපතිවරයාට හෝ අධිකරණ පද්ධතියට පොලීසිය සහ ආණ්ඩුව එකතුවෙලා කොච්චර බොරු සාක්ෂි ඉදිරිපත් කරන්න හැදුවත් බොරු කට උත්තර හැදුවත් බොරු විස්තර කිව්වත් පවත්නා නීති අනුව කටයුතු කරන්නන ඕන. එහෙම නොවුනම ආණ්ඩුව තමන්ගේ සුපුරුදු දේශපාලනීකරණය පටන් ගන්නවා. අපි දැක්කා පහුගිය කාලේ ගරු විනිශ්චකාරවරුන්ගේ ස්ථාන මාරුවීම ලබා දීපු ආකාරය සම්බන්ධයෙන්. ඒ වගේම දැන් උත්සාහ කරනවා නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවත් බයකරලා තමන්ට ඕන විදිය කරගන්න. දැන් මේ ආණ්ඩුවේ උත්සාහය දේශපාලනඥයා බය කරලා උත්සාහ කළා. එක වෙලාවක නිලධාරීන් බය කරලා උත්සාහ කළා. තවත් එක වෙලාවක දැන් උත්සාහ කරනවා නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය බය කරලා තමන්ට ඕන දේ කරගන්න. මට දැඩි විශ්වාසයක් තියෙනවා මේ රටේ නිතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ පද්ධතියත් මේ ආණ්ඩුවේ මර්දනයට යට වෙන්නේ නෑ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


