රටේ ක්‍රීඩාව ගැන අවධානය ලෝකයට ගිය මොහොතක රට තුළ වාර්තාගත පිම්මක්

Date:

යුද හමුදා ස්වේච්ඡා බලකා ක්‍රීඩා උළෙල පැවත්වෙන දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි තුන් පිම්ම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට ශ්‍රේෂාන් ධනංජය සමත් වුණා.ඒ තමන්ගේම ජාතික වාර්තාව ලෙස පැවති මීටර් 16.71 ක් වූ දුර ප්‍රමාණය මීටර් 16.77 ක් දක්වා සෙන්ටි මීටර් හයකින් ඉදිරියට ගෙන යමින්.

මේ මොහොත වන විට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කරන සාංරගි ද සිලාවා සමඟ කටාර් හි පුහුණුව ලැබ පැමිණි ශ්‍රේෂාන් ඒ පුහුණුවේ ප්‍රතිපල ප්‍රදර්ශනය කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ ගත්තද,ඔහුට එම අවස්ථාව උදා කර ගැනීමට ඉඩ ලැබුණේ නැහැ.එසේ හැකියාවක් ලැබුණේනම් ඔහු මේ වන විට සාංරගි ද සමඟ බර්මින්හැම් හී සිටිය යුතුව තිබුණත් ඔහුට ලැබුණු අවස්ථා කිහිපයකින්ම ප්‍රතිපල ලබා ගැනීමට ශ්‍රේෂාන් අසමත්ව සිටියා.
නමුත් ඔහු තමාට පැනීම් ඉසව් ක්‍රීඩකයේ ලෙස අත්දැකීම් සමඟ ඉදිරියට යාමට ඇති කාලය ගැන අවබෝධයෙන් සිය පුහුණුකරු චාමර නුවන් ගමගේ නම් වූ හිටපු පැනීම් සූරයා සමඟ එක්ව යළි රිද්මයට පැමිණ ඊයේ (අගෝස්තු 4) දියගම ක්‍රීඩාංගණයේදී වාර්තා අලුත් කරමින් මීටර් 16.77 ක පිම්මක් ක්‍රියාත්මක කළා.

ආසන්න කාලයක,ආසන්න වයස්වල සිටි සහ පන්නල ප්‍රදේශයේම දෙදෙනෙක් වන යුපුන් සහ ශ්‍රේෂාන් ජෝෂප් වාස් විද්‍යාලය නියෝජනය කරමින් ආසන්න වයස් කාණ්ඩ දෙකකින් එකම කාලයේ තරඟවැදී දෙදෙනෙකි.එවන් යුපුන් බර්මින්ග්හැම් හී ද ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා දී මොහොතකට පසු ශ්‍රේෂාන් සිය ඉසව්වේ නව ජාතික වාර්තාවක් තැබීම අපූරු සිඳුවීමක්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...