ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW :

ඊයේ (21) බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පද්ම ශ්‍රී සම්මානලාභී, ප්‍රවීණ බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් සිදුව තිබෙන බව පැවසේ.

එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ද එක්ව සිට ඇත.

මෙහිදී “Anuradha Paudwal Live in Sri Lanka – Timeless Bollywood Melodies” නමින් ජනවාරි 23 වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිය සුභ පැතුම් පළ කළ බව වාර්තා වේ.

මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වූ සහ දෙරටේ සංස්කෘතික හුවමාරුව තවදුරටත් ශක්තිමත් කළ වැදගත් අවස්ථාවක් ලෙස සැලකෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...