ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

Date:

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව ඇසුරින් සකස් කෙරුණු “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ දෙවැනි කොටස නිර්මාණය කිරීමට එහි නිෂ්පාදකයින් සූදානම් වන බව ආරංචිමාර්ග පවසයි.

පළමු චිත්‍රපටය මෙන්ම “ගින්නෙන් උපන් සීතල 2” චිත්‍රපටය ද චමත්කා පීරිස් විසින්ම නිෂ්පාදනය කෙරෙනු ඇති බව සඳහන්. ඇය කෝටිපති ව්‍යාපාරික ජයලත් පීරිස්ගේ දියණියයි.

එමෙන්ම පළමු චිත්‍රපටයේ කතාවෙන් පසුව ඉවත් කරන ලද කොටස් සහ සහෝදරවරුන් බලය ලබාගැනීමෙන් අනතුරුව සිදුවන සිදුවීම් ද දෙවැනි චිත්‍රපටයේ කතාව තුළ අන්තර්ගත වනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

මෙම චිත්‍රපටයට අදාළව මූලික සාකච්ඡා සිදුකිරීම සඳහා ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මේ වනවිට ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...