අද (05) සිට දෛනික විදුලි කප්පාදු කාලය පැයක් දක්වා අඩුකිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කලාප සඳහා රාත්රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් පමණක් සිදුකෙරෙනු ඇති බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ.
නිරිත දිග මෝසම සක්රිය වීමත් සමග ලැබුණු අධික වර්ෂාපතනය හමුවේ ජලාශ පිරීයාම හේතුවෙන් ජලවිදුලි නිෂ්පාදනය සමස්ත ධාරිතාවෙන් 40% සිට 57%ක් දක්වා ඉහළ යාම තුළ මෙසේ විදුලි කප්පාදු කාලය අඩුකිරීමට හැකිවී ඇති බව සඳහන්.
RN