හිටපු අගමැතිනි හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කළ 2024 නැගිටීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ඊයේ(22)දිනයේදී ආරම්භ කර තිබේ.

මෙවර මැතිවරණය පෙබරවාරි 12 වන දින පැවැත්වීමට නියමිත වන අතර නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පොරොන්දු වී ඇත.

මෙවර මැතිවරණය සඳහා තරඟ කිරීමට හසිනාගේ අවාමි ලීගය පක්ෂය තහනම් කර ඇති අතර ඉස්ලාමීය පක්ෂයක් වන ජමාත්-ඊ-ඉස්ලාමි විසින් මෙහෙයවන ලද පක්ෂ 10 කින් යුත් සන්ධානයක් තම බලපෑම පුළුල් කිරීමට උත්සාහ කරයි. එමන්ම හසීනා බලයෙන් පහ කිරීමට කටයුතු කළ ශිෂ්‍ය නායකයන් විසින් පිහිටුවන ලද නව පක්ෂයක් වන ජාතික පුරවැසි පක්ෂය හෙවත් එන්සීපී ද සන්ධානය ද මැතිවරණය වෙනුවෙන් පෙනී සිටියි.

මෙවර මැතිවරණයේ කැපී පෙනෙන තරඟකරුවකු වශයෙන් එක්සත් රාජධානියේ වසර 17ක් පිටුවහල්ව ජීවත්වූ බංග්ලාදේශයෙන් හිටපු අගමැතිනි කලීඩා සියාගේ පුත්‍රයා වන තාරික් රහ්මාන් සැලකේ. රහ්මාන් බංග්ලාදේශ දේශපාලනයේ කුමාරයා වශයෙන් සැලකෙන අතර ඔහු ඊයේ(22)දිනයේදී සිල්හෙට් නගරයේ සිය මැතිවරණ ව්‍යාපාරය අරඹමින් දහස් ගණනක් ආධාරකරුවන් අමතමින් කියා තිබුණේ, දැන් අපි ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ස්ථාපිත කළ යුතු බවත්, ජාතිය නැවත ගොඩනැගිය යුතු බවත්, රට ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කළ යුතු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...