2026 දී අහිමි වූ මොඩියුල් ක්‍රමයට 2027දී වෙන දේ..

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW :

2026 වසරේදී හය ශ්‍රේණියේදී ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එම සිසුන් සඳහා හත ශ්‍රේණියේදී ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයට එක්වෙමින්, ඔහු මෙම අදහස් පළ කළේය. එහිදී, අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවේ හත ශ්‍රේණියේදී ක්‍රියාත්මක කරන නව මොඩියුල සම්බන්ධයෙන් ද විධිමත් අධ්‍යයනයක් සහ දැනුවත් කිරීමකින් පසුව සිදු කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

මෙම වසර පුරා නව මොඩියුල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...

ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2025 වසරේ ශ්‍රී...

දේශපාලන අරමුණු ඉටුකරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තෝතැන්නක් කරගන්න එපා – වර්ජනයේ නිරත GMOA වෛද්‍යවරුන්ට නි. ඇමති කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වැඩවර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් ඉතා...

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...