පුදුමාකාර විදියට දුක්වීම ….

දඹානට ගිය ගමනෙදී
ආදි වාසීන් දැකලා
ආදි මදි යැයි කියා
නන්දනී වරුසවිතාන මහත්මිය
පුදුමාකාර විදිහට දුක්වුණා

අලි අනාථාගාරෙදී
අලි – එයාට හිනාවුණෙ නෑ කියලා
නන්දනී වරුසවිතාන මහත්මිය
පුදුමාකාර විදිහට දුක්වුණා

කෞතුකාගාරයෙදී
සංරක්ෂණය කළ වලහෙක් දැකලා
වැලහින්නක් වගෙ හඬ හඬා
නන්දනී වරුසවිතාන මහත්මිය
පුදුමාකාර විදිහට දුක්වුණා

ග්‍රහලෝකාගාරෙයෙදී
එයා කැමති තරුව අහසේ පෑයුවෙ නෑ කියා
නන්දනී වරුසවිතාන මහත්මිය
පුදුමාකාර විදිහට දුක්වුණා ………..!

~ රුවන් බන්දුජීව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...

22ට එරෙහි 24: සජබ විරෝධය ඇරඹේ!

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...