වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW:

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය ජනවාරි 23 දින හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී (National Convention Center – Hanoi) අති සාර්ථක ලෙස පැවැත්විණි. අගමැති ෆම් මින් චින් (Pham Minh Chinh) මෙම සමුළුවේ මුලසුන දැරීය.

මෙහිදී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට සභිකයින් 19 දෙනෙකු තේරී පත් වූ අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් තනතුරට ටෝ ලැම් (To Lam) සහෝදරයා නැවතත් නිතරඟයෙන් තේරී පත්වී තිබේ.

මෙම සමුළුවට ආරාධිතයින් ලෙස පක්ෂයේ හිටපු නායකයින්, වියට්නාම් පියවරුන්ගේ පෙරමුණේ හිටපු නායකයින්, වියට්නාම් වීර මාතාවන්ගේ නියෝජිතයින්, පක්ෂ මධ්‍යමකාරක සභාවේ හිටපු නායකයින්, විද්වතුන්, කලාකරුවන්, ආගමික නායකයින්, තරුණ සංවිධාන නායකයින්, තානාපතිවරුන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින්, විදේශ රටවල ආරාධිත අමුත්තන් ඇතුළු පිරිසක් සහභාගි විය.

මෙම සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 58ක්, ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන 11ක්, පුද්ගලයින් 62ක්, විදේශීය සහ දේශීය සංවිධාන 120ක් සහ විදේශීය වියට්නාම සංගම් 88ක් ඇතුළුව සුබ පැතුම් පණිවිඩ 339ක් ලැබී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...