ජාත්‍යාන්තර බීච් වොලිබෝල් පුහුණුකරු පාඨමාලාවට සහ ජාත්‍යන්තර පුහුණුකරු අදියර II පාඨමාලාවට තිස් දෙනා බැඟින් තෝරා ගැනේ

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW:

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය මගින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර බීච් වොලිබෝල් පුහුණුකරු පාඨමාලාවට සහ ජාත්‍යන්තර පුහුණුකරු අදියර II පාඨමාලවට,එක් පාඨමාලාවකට 30 දෙනා බැඟින් තෝරා ගැනේ. එහිදී බීච් වොල්බෝල් පුහුණුකරු පාඨමාලාවට ඉදිරිපත් වන්නන්, කේෂ්ත්‍රය තුළ දක්වා ඇති දක්ෂතා ඇතුලත්ව අයදුම්කරුගේ පෞද්ගලික විස්තර, සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක, දැනට ක්‍රියාත්මකව පවතින විද්‍යුත් තැපැල් ලිපිනයක් (Email Address) අනිවාර්යයෙන් ඇතුලත් කොට ඉංග්‍රීසි බසින් සකස් කරන ලද අයදුම්පතක් [email protected] විද්‍යුත් ලිපිනයට හෝ ලියාපදිංචි තැපෑලෙන් මෙම ප්‍රවෘත්තිය අවසානයේ දක්වා ඇති ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් 2026 පෙබරවාරි මස 07 දිනට ප්‍රථම යොමු කළ යුතුය.

ජාත්‍යන්තර පුහුණුකරු අදියර II පාඨමාලාවට අයුදුම් කරන පුහුණුකරුවන් වොලිබෝල් පුහුණුකරුවකු ලෙස ඔබ දක්වා ඇති දක්ෂතා ඇතුළත් කර ඔබගේ පෞද්ගලික විස්තර, සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක, දැනට ක්‍රියාත්මකව පවතින විද්‍යුත් තැපැල් ලිපිනයක් (Email Address) අනිවාර්යයෙන් ඇතුලත් කොට ඉංග්‍රීසි බසින් අයදුම්පතක් සකස් කර, වොලිබෝල් පුහුණුකරු අදියර I පාඨමාලාවේ සහතික පත්‍රයේ පිටපතක් ද සමඟ ලියාපදිංචි තැපෑලෙන් 2026 පෙබරවාරි මස 10 දිනට ප්‍රථම මෙම සටහන පතත දක්වා ඇති ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට ‍යොමු කරන්න,

ජාත්‍යන්තර බීච් වොලිබෝල් පුහුණුකරු පාඨමාලාව,2026 මාර්තු මස 02 සිට 06 දින දක්වා මීගමුව වෙරළ උද්‍යාන ක්‍රීීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ජාත්‍යන්තර බීච් වොලිබෝල් පුහුණුකරු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාව තුල දැනට බීච් වොලිබෝල් ක්‍රීඩාවේ නියතු පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය (FIVB) මගින් මෙහෙයවනු ලබන වොලිබෝල් පුහුණුකරු අදියර II පාඨමාලාව 2026 මාර්තු මස 09 සිට 13 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම ජාත්‍යන්තර පුහුණුකරු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාව තුල දැනට වොලිබෝල් ජාත්‍යන්තර පුහුණුකරු අදියර I පාඨමාලාව අවසන් කර අවු: 01 ක් ඉක්මවූ පුහුණුකරුවන්ට හා පුහුණුකාරිනියන්ට ඉල්ලුම් කළ හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමඟ මෙම දුරකතන අංකයෙන් සම්බන්ධ වීමේ හැකියාව ඇත. 0112669344 දරණ එම දුරකතන අංකයෙන් මෙන්ම බීච් වොල්බෝල් පුහුණුකරු පාඨමාලාවේ සම්බන්ධීකරණ නිලධාරි වගකීම කමාන්ඩර් කේ.එස්.එම්. සිල්වා වෙත පවරා ඇති අතර ඔහුගේ දුරකතන අංකය 077 873 7755 වේ.
වොලිබෝල් පුහුණුකරු අදියර II පාඨමාලාව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමඟ පහත දුරකතන අංකයෙන් සම්බන්ධ වීමේ හැකියාව ඇත. 0112669344 දරණ එම දුරකතන අංකයෙන් මෙන්ම පුහුණුකරු පාඨමාලාවේ සම්බන්ධීකරණ නිලධාරි වගකීම පවරා ඇත්තේ ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.එස්.එන්.කේ ප්‍රනාන්දු වෙතය.ඔහුගේ දුරකතන අංකය 076 330 4505 වෙයි.

ඉහත දක්වන බව කී නිල ලිපිනය-

ප්‍රධාන ලේකම්,
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය,
අංක. 33,
ටොරින්ටන් පෙදෙස,
කොළඹ 07

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...

 ශ්‍රී ලංකා ආයෝජක සමුළුව සාර්ථකව ඩුබායිහිදී..

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : කොළඹ කොටස් හුවමාරුව...