පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානිගේ වැඩතහනම්!

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW :

ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි ,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වැඩතහනමකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.

2023 සැප්තැම්බර් 15දා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා මෙම ධුරයේ රාජකාරි කරනු ලැබූ අතර, ඒ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන ඇති බවට සඳහන් වේ.

චමින්ද කුලරත්න මහතා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු වේ. තවද කොළඹ විශ්වවිද්‍යාලයේ හා එක්සත් රාජධානියේ බකින්හැම්ෂයර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු ද වන ඒ මහතා 2005 වසරේ සිට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යාවජීව සාමාජිකයෙකු මෙන්ම 2016 වසරේ සිට නීතීඥ සංගමයේ කවුන්සිලයේ සාමාජිකයෙකු ද වේ, ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න මහතා සිය 20 වසරකට වැඩි වෘත්තිය ගමන් මඟ තුළ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම්, එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජනාධිපති සහකාර ලේකම් ඇතුළු රජයේ විධායක මට්ටමේ පරිපාලන තනතුරු රැසක් හොබවා ඇති බවට තොරතු වාර්තා වේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබීබ් රිෆාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

පද්ධති වැඩිදියුණුවක් නිසා පළාත් අටක ආදායම් බලපත්‍ර පද්ධතිය දින හතරක් අත්හිටුවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සැලසුම්ගත පද්ධති වැඩිදියුණු...

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය ඇරඹේ – අගවිනිසුරුත් නිරීක්ෂණයට එක්වෙයි!

කොළඹ LNW:අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන “e-Courts”...

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...