2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගෙන ගොස් ඇති අතර එය 5.6% ක වාර්ෂික වර්ධනයක් ලෙස පෙන්නුම් කර ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ඒ අනුව 2025 වසරේ දී මෙරට අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 17.2 ඉක්මවා ඇත.

මේ සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසන්නේ 2025 දී මෙරට අපනයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 17,252.15 ක් වූ අතර එය අපනයන ආදායම් ඉලක්කයෙන් 94.79% කට වඩා වැඩි ප්‍රමාණයක් අත්පත් කරගත් බවයි.

ප්‍රධාන වෙළෙඳපොළවල් යථාතත්ත්වයට පත්වීම්,තිරසාර නිෂ්පාදන ධරිතාව සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මඟින් මෙරට අපනයන අංශයේ ශක්තිමත්භාවය සහ තරඟකාරීත්වය අවධාරණය කරන බව ඔහු පවසයි.

ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ අපනයන සංඛයා ලේඛන මත පදනම්ව ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන සමඟ මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 17,252.15 ක්ව තිබේ. එය තිරසාර වර්ධනයක් සහ වැඩි දියුණු වන බාහිර වෙළෙඳ තත්ත්වයන් පෙන්නුම් කර තිබේ.

2025 දෙසැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු වඩාලර් මිලියන 1490.49 කි. එය 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 3.95%ක වර්ධනයක් ලෙස දැක්වෙයි. මෙම කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළෙඳ පොළ ප්‍රවේශය පුළුල් කිරීමටත්, ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගවල ඵලදායීතාවය ඉස්මතු කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

වෙළෙඳ භාණ්ඩ අපනයනයේ වර්ධනය

2025 වසරේ වෙළෙඳ භාණ්ඩ අපනයනය 5.88%කින් වර්ධනය වී තිබේ. එය ඇමරිකානු ඩොලර් මිලියන 1166.60 ක් දක්ත ළඟා ව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තු ගත ආදායම ද ඇතුළත්ය. 2025 වර්ෂය සඳහා, වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු වඩාලර් මිලියන 13,579.38කි. එය 2024 ට සාපේක්ෂව 6.32% ක වර්ධනයක් ලෙස දැක්වෙයි.

දෙසැම්බර් මාසයේදී සේවා අපනයන ආදායම 2.47% කින් පහත වැටී ඇති අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 323.89 ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. නමුත් වාර්ෂික පදනමින්, සේවා අපනයන 2025 දී 2.79% ක වර්ධනයක්ත වාර්තා කළ අතර එය මුළු ඇමරිකානු ඩොලර් මිලියන 3,672.77 කි.

තොරතුරු හා සන්නිවේදන තාක්තෂණ (ICT),වයාපාර කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්ය සේවා සහප්රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්තවිත සේවා අපනයන අංශය,ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරන බවද අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...