චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා ජෙනරාල්වරයා වන ෂැං යූක්සියා, චීනයේ මිසයිල සහ න්‍යෂ්ටික අවි වැඩසටහන්වලට අදාළ රහසිගත තොරතුරු එක්සත් ජනපදයට කාන්දු කිරීමේ චෝදනා මත බරපතල විනය සහ නීතිය උල්ලංඝනය කිරීම් විමර්ශනයට ලක්ව සිටින බව වාර්තා වේ.

ජනාධිපති ෂී ජින්පින් වටා සිටින සමීපතම සහ වඩාත්ම විශ්වාසදායක හමුදා චරිතයක් ලෙස ෂැං යුක්සියා සලකන අතර එම චෝදනා තහවුරු වුවහොත් චීන නූතන හමුදා ඉතිහාසයේ බරපතලම අභ්‍යන්තර පාවාදීමක් වශයෙන් මෙය සැලකෙනු ඇත.

ෂැං යූෂියා චීනයේ මහජන විමුක්ති හමුදාවේ (PLA) පාලක මණ්ඩලය වන මධ්‍යම හමුදා කොමිසමේ (CMC) ඒකාබද්ධ උප සභාපතිනියයි. හමුදා අණදෙන ව්‍යුහයේ ෂීට පමණක් දෙවැනි වන ෂැං, චීන ජනාධිපතිවරයාගේ සමීපතම හමුදා සගයා ලෙස දිගු කලක් සිට සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුවේ නව රැකියා ක්ෂේත්‍ර 08කට ප්‍රවේශ වීමට ශ්‍රීලාංකිකයින්ටත් අවස්ථාව!

කොළඹ LNW:සිංගප්පූරුවේ නව රැකියා ක්ෂේත්‍ර 08ක් සඳහා ශ්‍රී ලාංකිකයින්ට...

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ!

කොළඹ LNW:මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි...

බොරතෙල් මිල පහත වැටුණේ ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුවද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: හොර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව...