10 වැනිදා තෙක් ගෝඨාගෝ ගම ඉවත් කරන්නේ නෑ – නීතිපති අධිකරණයට දැනුම් දෙයි

Date:

ගාලුමුවදොර ඉදිරිපිට ගෝඨාගෝ ගම අරගල භූමියේ අනවසර ඉදිකිරීම් අගෝස්තු 10 වැනිදා වනතෙක් ඉවත් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා. ඊට අදාල උපදෙස් පොලිස්පතිවරයා ඇතුළු අදාල ආයතන වෙත ලබාදෙන බවද නීතිපතිවරයා දැනුම් දී තිබේ.

අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීමට එරෙහිව නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් අද සලකා බැලුණු අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා නීතිපතිවරයාගේ තීරණය අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්නේය.

කෙසේ නමුත් ස්වෙච්ඡාවෙන් අරගලභූමියෙන් ඉවත් වන අරගලකරුවන්ට කිසිදු අවහිරයක් නොමැති බවද නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

අද පස්වරු 05 ට පෙර අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කර අරගල භූමියෙන් ඉවත් වන ලෙස පොලීසිය අරගලකරුවන්ට දැනුම් දී තිබිණි. කෙසේ නමුත් අද දිනයේදීද විශාල පිරිසක් ගෝඨාගෝ ගම අරගල භූමියේ රැඳී සිටිනු දක්නට ලැබිණි. එහි තිබූ ඇතැම් ඉදිකිරීම් අරගලකරුවන් විසින්ම ඉවත් කර ගන්නා ආකාරයද දක්නට ලැබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 30) දිනයේදී නැගෙනහිර සහ...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...