ප්‍රවීණ මාධ්‍ය­වේ­දි­යකු අවසන් ගමන් යයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW :

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලා­වේ­දීන්ගේ සංග­මයේ සභා­ප­ති­ව­ර­යකු හා “දින­මිණ” පුව­ත්පතේ හිටපු සම කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ ලෙස ලෙස කට­යුතු කළ ප්‍රවීණ මාධ්‍ය­වේ­දි­යකු වූ දයා සෝම­සිරි මහතා ඊයේ (26) අභා­ව­ප්‍රාප්ත වී ඇත.

අංක 69/14/A, ලේක් සයිඩ් වත්ත, බටු­වත්ත නිවසේ දේහය තැන්පත් කර ඇති අතර, දේහය පිළි­බඳ අව­සන් කට­යුතු හෙට (28) බදාදා සවස 5.00ට බටු­වත්ත පොදු සුසාන භූමි­යේදී සිදු කිරී­මට නිය­මි­තයි.

මිය යන විට 78 වන වියේ පසුවූ ඔහු, දියණියන් සිව්දෙනකුගේ සහ පුත්‍රයකුගේ පියෙක් බව සඳහන් වේ.

දයා සෝම­සිරි මහතා රාගම, වල්පොල උපත ලැබූරාගම වල්පොල රජයේ විද්‍යා­ලය ඇතුළු විදු­හල් කිහි­ප­ය­කින් අධ්‍යා­ප­නය ලබා ඇති අතර, දස හැවි­රිදි පාසල් ශිෂ්‍ය­ය­කුව සිටි­යදී ‘හෙළ­බිම’ පත්‍ර­යෙන් සිය මාධ්‍ය ජීවි­තය ආරම්භ කර ඇත. හෙළ ජීවය, මිහිර සහ ටිකිරි යන ළමා පුව­ත්ප­ත්ව­ලට දාය­ක­ත්වය ලබා දුන් ඒ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා පුව­ත්පත ලෙස සැල­කෙන ‘ක්‍රීඩා ලෝකය’ පුව­ත්පතේ නිර්මා­තෘ­ව­රයා සහ සංස්කා­ර­ක­ව­රයා ද වේ.

ජැක්සන් සේනා­රත්න මහතා යටතේ ‘ඇත්ත’ පුව­ත්පතේ රාගම වාර්තා­කරු ලෙස වෘත්තීය පත්‍ර කලා­වට පිවිසි ඒ මහතා පසුව ජන­දින, රිවිර, සිරි­ලක, ඇස සහ සම සමා­ජය යන පුව­ත්ප­ත්වල කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ ධුර­යන් හොබවා ඇත. මාධ්‍ය­වේ­දි­ය­කුට අම­ත­රව දක්ෂ තරග විස්තර ප්‍රකා­ශ­ක­යකු වූ ඒ මහතා, ශ්‍රී ලංකා එල්ලේ සම්මේ­ල­නයේ ලේක­ම්ව­රයා ලෙස ද සේවය කර ඇති බව සඳහන් වේ.

දයා සෝම­සිරි මහතා ‘අන්න අන්න හඳ­හාමි’, ‘රිදී සීනුව’ සහ ‘නොසි­ඳෙන මතක’ ඇතුළු කෘති කිහි­ප­යක කර්තෘ­ව­රයා ද වන අතර, ඔහු සමස්ත ලංකා කවි සම්මේ­ල­නයේ සභා­ප­ති­ව­ර­යකු ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවි ජනතාව වෙනුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ශ්‍රී ලංකා මගවැලි...

ඇමරිකාව සහ ඉරානය අතර පවතින වත්මන් යුධමය උණුසුම කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

පියතුමාට පහරදුන් පොලීසියේ හය දෙනාගේ වැඩ තහනම්!

කොළඹ LNW:කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර...

අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක නොවීමෙන් දරුවෝ අසරණ වෙලා – විපක්ෂ නායක දැන් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...