බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා අද ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩගේ ප්‍රධානත්වයෙන් අධිෂ්ඨාන පූජාවක් පවත්වයි.

අද පෙරවරුවේ සිට පස්වරු 06.30 දක්වා එය කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වෙන අතර ප්‍රර්ථනා බෝධියක් සහිතව අතුරුදහන් වුවන්ට මෙන්ම එම පවුල් වෙත වෙත යුක්තිය ඉටුකරන ලෙස එහිදී බලධාරීන්ට අවධාරණය කෙරෙයි. සන්ධ්‍යා කාලයේදී ආලෝක පූජාවක්ද පැවැත්වීමට නියමිතයි.

මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, නීතිඥ නිමල්කා ප්‍රනාන්දු ඇතුළු දේශපාලන, සමාජ ක්‍රියාධරයන් එක විය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පසුගිය රාජපක්ෂ පාලන සමයේදී අතුරුදහන් කරන ලද අතර මේ වන විට වසර 16ක් නික්ම ගොස් තිබේ.

ඊට අදාළ නඩුකරය තවදුරටත් විභාග වෙමින් පවතින අතර සන්ධ්‍ය එක්නැළිගොඩ අපේක්ෂා කරන්නේ මෙම වසරේදී එම නඩු කටයුත්ත අවසාන වී සිය සැමියා හට යුක්තිය ඉටු කර ගැනීමය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...