විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW

ජනවාරි 30 දා පල්ලෙකැලේදී ආරම්භ වීමට නියමිත එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගයටත්,පෙබරවාරි 01 වන දා සහ 03 වන දා පැවත්වෙන තරග දෙකටත් අදාළව ක්‍රීඩා කරන කණ්ඩායම තෝරා ගැනීම සඳහා 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට එක්දින සංචිතයේ නොසිටි සිව් දෙනෙකු කැඳවා තිබෙනවා. දුශ්මන්ත චමීර,මතීශ පතිරණ, කුසල් ජනිත් පෙරේරා සහ නායක දසුන් ශානක එම සිව් දෙනායි.
එක්දින සංචිතයේ සිටි කමිඳු මෙණ්ඩිස්,මිලාන් රත්නායක,ජෙෆ්රි වැන්ඩර්සේ,සදීර සමරවික්‍රම සහ අසිත ප්‍රනාන්දු විස්සයි විස්ස සංචිතයට ඇතුළත්ව නැහැ.
පහතින් දැක්වෙන්නේ තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයයි.

  1. දසුන් ශානක – නායක
  2. පැතුම් නිශ්ශංක
  3. කමිල් මිෂාර
  4. කුසල් මෙන්ඩිස්
  5. කුසල් ජනිත් පෙරේරා
  6. ධනංජය ද සිල්වා
  7. චරිත් අසලංක
  8. ජනිත් ලියනගේ
  9. පවන් රත්නායක
  10. වනිඳු හසරංග
  11. දුනිත් වෙල්ලාලගේ
  12. මහේෂ් තීක්ෂණ
  13. දුෂ්මන්ත චමීර
  14. ප්‍රමෝද් මධුෂාන්
  15. මතීෂ පතිරණ
  16. ඒෂාන් මාලිංග

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර්...