වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

Date:

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං නගරය වෙත ළඟා වී සිව්දින චීන නිල සංචාරය ආරම්භ කළා.

වසර අටකට පසු බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු චීනයේ සිදු කරන ප්‍රථම සංචාරය මෙය වීම විශේෂත්වයක්. එම සංචාරය අතරතුර, Keir Starmer මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවීමට නියමිතයි. ඊට අමතරව, චීන අගමැති Li Qiang මහතා සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා සමග වෙන වෙන් වශයෙන් සාකච්ඡා පවත්වන බව වාර්තා වනවා.

චීනය සමග එක්ව අඛණ්ඩ, දිගුකාලීන මෙන්ම උපායමාර්ගික සම්බන්ධතාවයන් වර්ධනය කර දෙරටේ සංවාද හා සහයෝගිතා සක්‍රිය ලෙස ප්‍රවර්ධනය කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය පාලක පක්ෂය ලෙස කටයුතු ඇරඹීමෙන් පසු බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා.

චීන-බ්‍රිතාන්‍ය සබඳතාවයේ විධිමත් මෙන්ම ඵලදායී සංවර්ධනයක නව පරිඡේදයක් ආරම්භ කරමින් ලෝක සාමය ආරක්ෂාව සඳහා එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද චීනය පවසනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...