රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

Date:

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි වැනි සංවත්සර උළෙල අද (29) කොළඹ රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ඇන්ටන් චෙකොව්ගේ 166 වැනි ජන්ම දිනයද යෙදී තිබෙන්නේ අද දිනටය. ඒ අනුව මෙම උත්සවයද මෙම ජන්ම දිනය පාදක කරගෙන යොදාගෙන තිබුණි.

බුධාශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ රුසියාවේ තානාපති ලෙවන් ජගර්යන් ප්‍රධාන ආරාධිතයින් ලෙස ඊට එක වූහ.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ විශේෂ දේශනයක්ද ඊට එක්කර තිබුණි.

ඊට අමතරව කොළඹ රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා මරියා පපෝවා, රවීණ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක,සහය මහාචාර්ය බර්ස් වල්හොන්ස්කි, මහාචාර්ය ලොලා ස්වානරියෝවා සහ ප්‍රවීණ පරිවර්තක මහින්ද සෙනරත් ගමගේ යන අයද උත්සව සභාව අමතන ලදී.

මෙහිදී ලියෝ තෝල්ස්තෝයි සාහිත්‍ය සම්මානය පිරිනැමීම, උඩකැන්දවල සරණංකර සාහිත්‍ය සම්මානය හදුන්වා දීම, 2028 ලියෝ තෝල්ස්තෝයි වසර ලෙස ප්‍රකාශයට පත් කිරීම, නව ජාත්‍යන්තර සාහිත්‍ය ත්‍රිකෝණය සංකල්පය ඉදිරිපත් කිරීම, ලාංකේය ලේඛකයින්ගේ නිර්මාණ සමුච්චයක් රුසියානු භාෂාවෙන් එළිදැක්වීම සහ සිව්වන සෝවියට් රුසියන් කෙටිකතා කලඹ එළිදැක්වීම සිදුකළේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...

ගාමිණි ලොකුගේගේ තැනට පිං පොං එයි !

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට...