මගේ ගෙදර නුවර වැව ඉස්මත්තේ. මිහින්තලේ හාමුදුරුවන්ට වඩා මිහින්තලේ ගැන ලොකු අයිතියක් අපිට තියෙනවා – ඇමති ලාල්

Date:

තම නිවස පිහිටා ඇත්තේ නුවර වැවේ ඉස්මත්තේ බවත් තමන් කුඩා කල සිට කෙළි සෙල්ලම් පවා කළේ මහමෙව්නා උයන බවත් එබැවින් මිහින්තලේ විහාරාධිපති හිමියන්ට වඩා මිහින්තලේ රජමහා විහාරය පිළිබඳ ලොකු අයිතියක් තමන්ට ඇති බවත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“මගේ නිවස පිහිටලා තියෙන්නෙ නුවර වැව ඉස්මත්තේ. මං උදේ පාන්දර නැගිටලා බැලුවොත් මට පේන්නෙ නුවර වැව. වැවේ පිට්ටනියට බැස්සාට පස්සෙ මට මෙහෙම ඉස්සරහට පේන්නෙ බන්ට් එකෙන් අනිත් පැත්තේ රුවන්වැලි සෑය. මගෙ දකුණු අත පැත්තෙන් ජේතවනාරාමය. ඊළඟට පේනවා මේ පැත්තෙන් අභයගිරි චෛත්‍ය. වම් පැත්තෙන් බැලුවාම පේනවා මිරිසවැටිය. ඊට එහා පැත්තෙන් දැන් තියෙනවා සඳහිරු සෑය. දැන් තියෙනවා, ඉස්සර තිබ්බෙ නෑ. වැව් පිට්ටනියෙ ඉඳන් අනිත් පැත්ත හැරුණාම මට පේනවා මිහින්තලා චෛත්‍ය. මිහින්තලේ හාමුදුරුවන්ට වඩා මිහින්තලේ පිළිබඳ ලොකු අයිතියක් අපිට තියෙනවා. නුවර වැවට අදාළ උඩින් තියෙන වැව් ඔක්කොගෙම මම නාලා තියෙනවා, මාළු අල්ලලාත් තියෙනවා”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය (Climate Smart Irrigated Agriculture Project) මඟින් එල්ලංගා කලමනාකරණ කමිටුවේ කාර්යභාරය පිළිබඳ අත්පොත එළිදැක්වීම වෙනුවෙන් පෙරේදා (30) කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගැන සොඳුරු මතකයක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා දින කිහිපයකට පෙර...

ඉරානය විසින් යුරෝපීය සංගමයට අනුබද්ධිත හමුදාවන් ත්‍රස්තවාදී කණ්ඩායම් වශයෙන් නම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා යුරෝපා සංගමය...

සමාජය පෝෂණය කරන FIFA සංකල්පය FIFA Arena මීගමුවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: මීගමුව ලාංකේය පාපන්දුවේ නව...

විගණකාධිපති ධුරය : ජනපතිගේ යෝජනාව ගැන අවසන් තීරණය නැවතත් කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර...