නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW:
නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී ඉතාලිය නිදහස් වූ දිනය සැමරීම සඳහා මිලාන් හී ඉදිකර ඇති පියාසාවට රැස් වූ වෘත්තීය සමිති සාමාජිකයින් ඇතුළු ඉතාලියානුවන් විශාල පිරිසක් බැනර් රැගෙන විසිල් පිඹිමින්,පෙබරවාරි 6 වන දා මිලානෝ කේන්ද්‍ර කරගෙන ඇරඹෙන 2026 ශිත සෘතු ඔලිම්පික් උළෙලට ඇමෙරිකා එක්සත් ජනපද ආගමන විගමන නිලධාරීන් සහ රේගු නිලධාරීන් (ICE agents) සම්බන්ධ කර ගැනිම සම්බන්ධයෙන් විරෝධය පළ කළහ.
තවත් දින කිහිපයක් පමණක් ඔලිම්පික් උළෙල ආරම්භයට තිබියදී මේ ආකාරයෙන් විරෝධතා පැවතීම ක්‍රීඩා උළෙලේ සාර්ථකත්වයට තදින් බලපාන කාරණයක් විය හැකිය. මිලාන්හි නගරාධිපති ගුසෙප් සලා ද, ICE නියෝජිතයින්ගේ යෝජිත භූමිකාව ප්‍රසිද්ධියේ හෙළා දැක ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ සාදර පිළිගැනීමක් ඔවුන්ට නොලැබෙනු ඇති බවය.
මිනියාපොලිස් හි ICE නියෝජිතයින් විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීම සහ දරුවන් රඳවා තබා ගැනීමේ දර්ශන සිහිපත් කරමින් ICE නියෝජිතයන්ගේ මැදිහත්විම දැඩිව ප්‍රතික්ෂේප කිරීමට විරෝධතාකරුවෝ ඉදිරිපත් වූහ.
එක්සත් ජනපද තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඇතුළු සංචාරය කරන නිලධාරීන් සඳහා ICE නිලධාරීන් පුළුල් එක්සත් ජනපද ආරක්ෂක සහායක කොටසක් වනු ඇති බවය.ඔවුන් මෙන්ම සියලුම ඔලිම්පික් ආරක්ෂක මෙහෙයුම් ඉතාලි අධිකාරිය යටතේ පවතින බව ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ද අවධාරණය කර ඇත.
වර්ථමානයේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දැඩි මතබේදකාරී විදේශ ප්‍රතිපත්තීන් මෙන්ම ඒකාධිපති මතවාදය ද මේ විරෝධතාකරුවන්ගේ සැකය අවුලුවාලන්නට හේතු වී ඇති බව නිසැකය.කෙසේ වුවත් පෙබරවාරි 06 ඇරඹී 11 වන දා දක්වා පැවත්වෙන
Milano Cortina 2026 සඳහා සතියකට අඩු කාලයක් ආරම්භ වීමට තිබියදි මේ ඇති වී තිබෙන තත්ත්වය කළමණාකරනය කිරීම සඳහා ඉතාලියට විශාල වෙහෙසක් ගැනීමට සිඳුවීම නොවැළක්විය හැකිය.


