නවගමුව පොලීසියේදී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරයි

නවගමුව පොලිස් ස්ථානය තුළදී සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා. මෙසේ මියගොස් තිබෙන්නේ 52 හැවිරිදි පුද්ගලයෙකි.

නවගමුව පොලීසිය වෙත සිදුකර තිබූ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අදාල පුද්ගලයා පොලීසියට කැඳවා තිබෙනවා. පිහි ඇනුම සිදුකර තිබෙන්නේ මියගිය පුද්ගලයාට එරෙහිව පැමිණිල්ල සිදුකළ කාන්තාව සමග පැමිණි 32 හැවිරිදි පුද්ගලයෙකි.

අදාල පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

UN