මන්ත්‍රීවරුන්ගේ තෙල් වියදම කෝටි 03 කින් ඉහළ ගිහින්

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන ඉන්ධන දීමනාව සඳහා පසුගිය මාසයේදී රුපියල් කෝටි 03 කට අධික අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු බළධාරීන් පවසනවා. පවතින මිල ගණන් යටතේ ඉන්ධන දීමනාව ලබාදීමට තීරණය කිරීම හේතුවෙන් මෙම අමතර පිරිවැය දැරීමට සිදුව තිබේ.

ඉන්ධන මිල අවස්ථා කිහිපයකදී ඉහළ ගියද මන්ත්‍රීවරුන් වෙත ඉන්ධන නිකුත් කළේ ජනවාරි මාසයේදී පැවති රුපියල් 120 ක මිලටයි. ඒ සම්බන්ධයෙන් එල්ල වූ විවේචන හේතුවෙන් පවතින් මිල ගණන් යටතේ ඉන්ධන නිකුත් කිරීමට පසුව තීරණය කෙරිණි.

මන්ත්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික්කය අනුව කාන්ඩ කිහිපයක් යටතේ ඉන්ධන ලබාදීම සිදු කරන අතර ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකුට මසකට ඉන්ධන ලීටර් 280 ක් හිමි වේ. ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් ඉන්ධන ලීටර් 350 කට හිමිකම් කියයි.

තවත් දිස්ත්‍රික්ක කිහිපයක මන්ත්‍රීවරුන්ට ලීටර් 420, 490, 560 බැගින් හිමිවන අතර මුලතිව්, යාපනය, මන්නාරම, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලීටර් 630 ක් හිමි වේ.

මීට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුට ඉන්ධන ලීටර් 400 බැගින් හිමි වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...