නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW:
ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන,මහල් 17 න් සමන්විත,ඉන්දියන් සාගරයේ සුන්දරත්වය උපරිම ලෙස වීදින්නට නේවාසිකයන්ට අවස්ථාව සළසමින්, V හැඩයෙන් ඉදි කර ඇති Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල නගරයට සහ දක්ෂිණ අධිවේගී මාර්ගයට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි දුරකින් තල්පේ ස්වභාවික පිහිනුම් ප්‍රදේශය ඉදිරිපිට පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට ප්රමුඛ තෝරා ගැනීමක් වනු ඇත. නිවාස සංකීර්ණයේ ගෘහ භාණ්ඩ සහිත අංග සම්පූර්ණ නිවාස ඒකක 227න් සැළකිය යුතු සංඛ්‍යාවක් මේ වන විටත් මිල දී ගෙන හෝ වෙන් කරවා ගෙන තිබීම ඊට සාක්ෂි දරයි.
මෙම ව්‍යාපෘතියට අයත් නිවාස,එකිනෙකට වෙනස් නිවාස ඒකක වර්ග හයකින් යුක්තය. ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සමග සුව පහසු ජීවන අත්දැකීමක් බලාපොරොත්තු වන අයකුට ඇති තෝරා ගැනීම් අතර එය ඉහළින්ම තිබේ. පාරිභෝගිකයන්ට මුහුදට මුහුණලා පිහිටි පිහිනුම් තටාකය, වෙරළ තීරය සඳහා වන පහසු හා සෘජු ප්‍රවේශය, අලංකාර හා නිහඬතාවෙන් පිරුණු විවේකාගාර සහ සුව පහසුව හා නවීනත්වය එකට කැටි කර ගත් අභ්‍යන්තර සැළැසුම් වැනි පහසුකම් රැසක් අත්විඳිය හැකිය.
නේවාසික සහ ආයෝජන යන අංශ දෙකටම අදාළව නිර්මාණය කර ඇති Icon V Talpeහි නිවාස ඒකක ස්ථිර පදිංචිය හා නිවාඩු අවශ්‍යතා සඳහා දීර්ඝ කාලීන සහ කෙටි කාලීන බදු පදනම මතද ගැනීමට අවස්ථාව තිබේ. මෙරට ඉහළම සංචාරක ආකර්ෂණයක් සහිත දකුණු වෙරළ තීරයේ පිහිටි සුඛෝපබෝගී නිවාස සංකීර්ණයක නිවාස ඒකකයක පදිංචි වීමට හෝ ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශිකයන්ට මෙය කදිම තෝරා ගැනීමකි. ගෘහ විද්‍යාත්මක නවෝත්පාදනයට, අනර්ඝත්වයට සහ තිරසාරත්වයට මුල් තැන දෙමින් ඉදි කර ඇති එය මෙරට නේවාසික ඉදි කිරීම් ක්ෂේත්රයේ හැරැවුම් ලක්ෂ්‍යයක් වනු ඇත. ලංකාවේ එතෙක් මෙතෙක් ඉදි වූ අපාර්ට්මන්ට්වලට වඩා නවමු අත්දැකීමක් සපයමින් ලංකාවේ පළමු වරට සංචාරක මණ්ඩලයේ නිර්දේශය අනුව ඉදි වෙන මෙය මානසික නිදහස සමග ඉහළ ආදායමක් ලැබීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා කරයි.


