නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW:
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා නරඹන්නන්ට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා,පෙබරවාරි 03 වන දා සිට පහත සඳහන් ස්ථාන විවෘත කර තැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසනවා. රු. 1,000 සිට රු. 10,000 දක්වා මිල ගණන් සඳහන් එම ටිකට් පත් මිලදි ගත හැකි ස්ථාන සහ විවෘත කර තැබෙන වේලාවන් ගැන ද ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දන්වා ඇති කරුණු පහත දැක්වෙනවා.
ප්‍රවේශ පත්‍ර අලෙවි කරන ස්ථාන
ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) මූලස්ථානය – සියලුම දින
විවෘත දිනය: 2026 පෙබරවාරි 3 වන දින
ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (RPICS), කොළඹ – ගේට්ටුව 1
විවෘත දිනය: 2026 පෙබරවාරි 4 (තරග නොපැවත්වෙන දිනවල පමණක් විවෘත වේ)
ඔරුගොඩවත්ත ටිකට්පත් කවුන්ටරය: RPICS (ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය) තරඟ දිනවල පමණක් විවෘත වේ
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (PICS), මහනුවර – ගේට්ටුව 5
විවෘත දිනය: 2026 පෙබරවාරි 7 (තරග නොපැවත්වෙන දිනවල පමණක් විවෘත වේ)
අබිතා ක්‍රීඩාංගණය, බලගොල්ල: පල්ලෙකැලේ තරඟ දිනවල පමණක් විවෘත වේ
ප්‍රවේශ පත්‍ර කවුළු විවෘතය පවතින වේලාවන් පෙ.ව. 10.00 සිට සවස 5.00 දක්වා වන අතර මාර්ගගත ක්‍රමයට හෝ ප්‍රවේශපත් කවුළුවකින් ශ්‍රී ලංකාව සහභාගිවන තරගයක් සඳහා ශ්‍රී ලාංකිකයෙකුට ප්‍රවේශපත්‍ර හතරක් පමණක් මිලදී ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.ඒ ආකාරයටම ශ්‍රී ලංකාව සහභාගි නොවන තරගවලදී ප්‍රවේශපත්‍ර 10 ක් මිලට ගැනීමට ලාංකිකයෙකුට අවස්ථාව ඇත.
පහතින් දැක්වෙන්නේ මාර්ගගත ක්‍රමයකට ඔබට ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකි ආකාරය වන අතර ඔබට අවශ්‍යය තරගය අනුවද,ඔබට තරග නැරඹිමට අවශ්‍යය ක්‍රීඩාංගණය අනුව ද එම සබඳතාවන් හරහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට අවස්ථාව සළසා ඇත.
ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පවතින තරග නැරඹීම සඳහා –
https://in.bookmyshow.com/sports/colombo-icc-men-s-t20-wc-2026/ET00473660
එස්එස්සි ක්‍රීඩාංගණයේ පැවත්වෙන තරග නැරඹීම සඳහා
: https://in.bookmyshow.com/sports/ssc-colombo-icc-men-s-t20-wc-2026/ET00474206
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පවතින තරග නැරඹීම සඳහා
: https://in.bookmyshow.com/sports/kandy-icc-men-s-t20-wc-2026/ET00473591


