Home පුවත් දේශපාලන පුවත් ආණ්ඩුව හිතනවනම් අපිව CID ගෙනල්ලා අපේ කටවල් වහන්න ඒ සෙල්ලම් 88 –...

ආණ්ඩුව හිතනවනම් අපිව CID ගෙනල්ලා අපේ කටවල් වහන්න ඒ සෙල්ලම් 88 – 89 තියාගන්න ඒවා දැන් දාන්න ලෑස්තිවෙන්න එපා – නාමල් රාජපක්ෂ

0
4

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW :

මට එන්න කියලා පහුගියකාලේ ගහපු පින්තූර ගැන හම්බවෙච්ච අය ගැන අහනවා.හැබැයි මම පැහැදිලිවම කිවුවා කන්ටේනර් දෙකක කුඩු තියනවා කියලා බුද්ධි අංශ වාර්තාවක් ලැබිලා තියෙද්දිත් ඒක පැන්නුවේ මම නෙමෙයි.එතකොට ආණ්ඩුවේ හිටියෙත් අපි නෙමෙයි, ඒ වගේම කන්ටේනර් 323ක් පැන්නුවෙත් අපේ ආණ්ඩුවෙන් නෙමෙයි මේ ආණ්ඩුවෙන්.මේ ආණ්ඩුවේ වැරදි වහගන්න අපිව ගෙනල්ලා ප්‍රශ්න කරලා වැඩක් නැහැ.ඉතින් මම මේ උසස්පෙල සම්මන්ත්‍රණයට ගියපුවා දේශපාලන පක්ෂ රැස්වීමකට ගියපු පිංතූරයක් පෙන්නලා මේ අහවලාද කියලා අහනවා යැයි නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ අදදින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

“එක කාරණයක් මම මතක් කරලා දුන්නා. අපේ ගමේ ප්‍රේමවතී මනම්පේරි කියන කාන්තාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩු තීන්දුව.ඒ නඩු තීන්දුවෙන් පැහැදිලිවම ගරු අධිකරණයේ සදහන් කලා ඉහළ නිලධාරියා මොන උපදෙස දුන්නත් තමන්ගේ හෘද සාක්ෂියට අනුව ඒක වැරදිනම් ඒ වැරැද්ද ක්‍රියාත්මක කිරීම උපදේශයක් ලබා ක්‍රියාත්මක කිරීම යන එක නිදහසට කාරණයක් නෙමෙයි කියලා.ඒ හින්දා මේ නිලධාරිනුත් ඒ කාරණා මතක තියාගෙන වැඩ කළොත් හොදයි.සංවිධානාත්මක අපරාධ නවතින්න ඕන.මත්ද්‍රව්‍ය මේ රටේ නතර වෙන්න ඕන.හැබැයි සංවිධානාත්මක අපරාධ නතර කරන්නේ ආණ්ඩුව විසින් පෝෂණය කරන සංවිධානාත්ම අපරාධ කණ්ඩායමක් ආරක්ෂා කරන්නනම් ආණ්ඩුවෙන් පන්නපු කන්ටේනර් දෙකේ කුඩු තියනවා කියලා දැන දැනත් පන්නලා මේක විපක්ෂයේ අපෙන් අහනවනම් කන්ටේනර් 323ක් පන්නලා ඒකත් මගෙන් අහනවනම් ඉතින් මේ ආණ්ඩුව තව මොකටද.ආණ්ඩුවත් කියන්නේ ඔබේ නොහැකියාව වහගන්න අපිව මේකට ගෙනල්ලා වැඩක් වෙන්නේ නැහැ.අපි එනවා එන්න කියන ඕන වෙලාවක මම,අම්මා,තාත්තා,අර පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම්.හැබැයි ඔබ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න.මේවට ගෙනල්ලා බය කරලනම් අපේ කටවල් වහන්න බෑ.ඒ හින්දා කරුණාකරලා ගල් අඟුරු මගඩිය,පාසලේ 6 වසරේ දරුවන්ට මනස විකෘති කරන්න ආණ්ඩුව ගන්න උත්සහයන් වගේම උපාධිධාරින්ට රැකියා දෙනවා කියලා රවට්ටලා අද ගුරුවරු වෙන්න ඉන්න උපාධිධාරීන් සේරම පාරට ඇදලා දාලා දේශපාලනේ කරන්නෙ. අපි නම් මේවට කටවහගෙන ඉන්නේ නෑ.ආණ්ඩුව හිතනවනම් මේවට ගෙනල්ලා ආණ්ඩුව ප්‍රසිද්ධ වෙනවා කියලනම් මම නෙමෙයි අපේ අම්මා නෙමෙයි කවුරු ගෙන්නුවත් ආණ්ඩුවට දෙන්න තියන උත්තරේ තමයි මේක.

ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ආණ්ඩුව තමන්ගේ දේශපාලන ක්‍රියාදාමය පොලිසිය පාවිච්චි කරලා කරනවා.හිර කූඩුවේ නාමල් රාජපක්ෂ දානවද නැද්ද කියන එක තේරුම් ගන්න පුලුවන් පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනාගේ කතා ඇහුවම.ඒ අය කලින් කියලා තමයි මෙතෙන්ට එන්නේ.කවුද කෙදිරි ගාන්නේ කියලා ඔබතුමන්ලටම දැන් දැනගන්න පුලුවන්.අපි ජනතාව එක්ක දේශපාලන ගමන යනවා අණ්ඩුවට අපිව සීඅයිඩී,එෆ්සීඅයිඩී ගෙන්නලා අපේ දේශපාලන ගමන නවත්වන්න බෑ.මේ රටේ ජනතාවට අපි වගකියන්න ඕන ජනතාවගේ වගකීම සහ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අපි පෙනී හිටිනවා.ආණ්ඩුව හිතනවනම් මේවට ගෙනල්ලා පෙන්නලා අපේ කටවල් වහන්න ආණ්ඩුව ඔය 88 89 සෙල්ලම් තියාගන්න ඒවා දැන් දාන්න ලෑස්තිවෙන්න එපා.

ආණ්ඩුව අපිව මෙහෙම ගෙන්වන්නේ එක පැත්තකින් ආණ්ඩුවේ නොහැකියාව වහගන්න.තවත් පැත්තකින් පොලිසියේ තියෙන කීර්තිනාමය නැති කරන්න.මොකද ඒ අයට 88 89 පොලිසිය එක්ක ප්‍රශ්නයක් තියනවා.මොකද පොලිසිය වැඩියෙන්ම ගහලා තියෙන්නේ ජෙවිපීකාරයන්ටනේ.ඉතින් ඒවා වහගන්න අද පොලිසියේ කීර්තිනාමය හානි කරන්නත් ආණ්ඩුව කටයුතු කරනවා.

අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දුන්නා.මම කිවුවනේ පින්තූර පෙන්නලා සාමාන්‍ය පෙල විභාග සම්මන්ත්‍රණ වාට ගියපුවා උසස් පෙළට ගියපුවා රැස්වීම් වලට ගියපුවා තරුණ සංවිධාන රැස්වීම් වලට ගිහිල්ලා ප්‍රශ්න ඇහුවට ඒකට දෙන්න ඕන උත්තරේ මම දුන්නා.හැබැයි ඉතින් ආණ්ඩුව දැනගන්න ඕන මොන ප්‍රශ්නේ ඇහුවත් මම අහපු ප්‍රශ්නෙට උත්තර නෑ.කවුද කුඩු කන්ටේනර් දෙක පැන්නුවේ කවුද කන්ටේනර් 323 පැන්නුවේ කෝ නුවරඑළියේ අයිස් ෆැක්ටරිය කවුද හෝමගමට මිද්දෙණියට අයිස් ගෙනල්ලා දැම්මේ.උත්තර නැත.හැබැයි මගෙන් අහනවා උත්තරේ, මම කොහොමද දන්නේ ආණ්ඩුව එයාලගෙනේ.

2029ට තව කල් තියනවනේ ඊට කලින් මේ අවුරුද්ද තුල ආණ්ඩුව විසින් ජනතාවට ලබාදෙන්න ඕන දේවල් ලබා දෙන්න ඕන.ඒ සඳහා අපි සටන් කරනවා.

අදත් මම කියනවා හෙටත් මම කියනවා අපේ අත්වල ලේ නෑ අපි වැරදි කරලා නෑ.අපි අදට අධිකරණය පද්ධතිය විශ්වාස කරනවා.ආණ්ඩුව උපරිම උත්සාහ කරනවා අධිකරණ පද්ධතිය තමන්ගේ දේශපාලන ග්‍රහණයට ලක්කර ගන්න.ඒක බැලූ බැල්මට පේනවා.හැබැයි අපි අදටත් විශ්වාස කරනවා මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනව කටයුතු කරනවා කියලා.අපි අභියෝග කරනවා ආණ්ඩුව කියපු උගන්ඩාවේ ඩොලර් බිලියන 18 ගේන්න.ආණ්ඩුව කියපු ලැම්බොගිනි 16 ගේන්න.ආණ්ඩුව පොරොන්දු වෙච්ච බකිංහැම් මාලිගාව ගේන්න.මහා පරිමාණ තියන කෝටිගාණක දේපල රාජසන්තක කරන්න කියන එක අපි කියනවා