රාත්‍රිය උදාවනතුරු ….

Date:

රාත්‍රිය උදාවනතුරු
මේ දූපතේ, දූපත් වාසීන්
තද නින්දේය !

නිහහඬ බව බිඳ
නිසොල්මන් දහවලෙහි
ඝෝෂාකාරී සැන්දෑව ඇරඹෙයි !

නිදාහුන් තුරුපත් ඇහැරෙයි
සියොතුන් පියාපත් පිස ලයි
මකරන්ද විදහා දළ පත්‍ර විහිදා
නොයෙක් නොයෙක් පුෂ්ප
අතු අග දිළිසෙයි !

රාත්‍රිය උදාවනතුරු
මේ දූපතේ, දූපත් වාසීන්
තද නින්දේය !

ආලෝකයෙන් වෙන්වුනු පසු
අඳුරෙහි ප්‍රීතිමත් දෑස් බැබලෙයි !
චන්ද්‍රාලෝකයක් වැටෙන දවසට
මේ දූපතම සැනකෙළි සිරියයි !

ඇවිදයන මග දෙපස රැස්වන
වළාකුළු සහ පිණිබිඳු
අහස පොළොව අතරෙහි බැඳීම
පවත්වාගෙන යෑමේ වගකීම
දරන්නේ ද කැමැත්තෙනි !

රාත්‍රිය උදාවනතුරු
මේ දූපතේ, දූපත් වාසීන්
තද නින්දේය !

මා මේ ඔබට අමතන්නේ
එහි සිටය !

~ MKCP ශෂීන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...