රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරු
මේ දූපතේ, දූපත් වාසීන්
තද නින්දේය !

නිහහඬ බව බිඳ
නිසොල්මන් දහවලෙහි
ඝෝෂාකාරී සැන්දෑව ඇරඹෙයි !

නිදාහුන් තුරුපත් ඇහැරෙයි
සියොතුන් පියාපත් පිස ලයි
මකරන්ද විදහා දළ පත්‍ර විහිදා
නොයෙක් නොයෙක් පුෂ්ප
අතු අග දිළිසෙයි !

රාත්‍රිය උදාවනතුරු
මේ දූපතේ, දූපත් වාසීන්
තද නින්දේය !

ආලෝකයෙන් වෙන්වුනු පසු
අඳුරෙහි ප්‍රීතිමත් දෑස් බැබලෙයි !
චන්ද්‍රාලෝකයක් වැටෙන දවසට
මේ දූපතම සැනකෙළි සිරියයි !

ඇවිදයන මග දෙපස රැස්වන
වළාකුළු සහ පිණිබිඳු
අහස පොළොව අතරෙහි බැඳීම
පවත්වාගෙන යෑමේ වගකීම
දරන්නේ ද කැමැත්තෙනි !

රාත්‍රිය උදාවනතුරු
මේ දූපතේ, දූපත් වාසීන්
තද නින්දේය !

මා මේ ඔබට අමතන්නේ
එහි සිටය !

~ MKCP ශෂීන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...