ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW :

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී පොලිස් භාරයට ගනු ලැබූ රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනාකමකින් යුත් හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථය වෙනත් අයකගේ නමින් තිබුණද එය එම නීතිඥවරියට අයත් වාහනයක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05)දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

ඒ , පැමිණිල්ල අද (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරින් එම රථය විලප්‍රඩ් දිසානායක යන අයගේ නමින් තිබුණ ද ඔහු විසින් ලබාදී ඇති ප්‍රකාශ වලට අනුව අදාළ රථය මෙම නිතිඥවරිය ඇයගේ මුදල් වලින් මිලදී ගෙන ඇති බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ අතර, සැකකාර නීතිඥවරියට එම වාහනය මිලදී ගැනීම සඳහා මුදල් යොදා ඇත්තේ කුමන ආකාරයෙන්ද යන කරුණ පිළිබඳ විමර්ශන සිදු කරන බව කි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇයගේ බැංකු ගිණුම් වල සංසරණය වී ඇති මුදල් ගැන විමර්ශන සිදු කරන බවද පවසා ඇත.

මෙම සැකකාර නීතිඥවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරන බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දීඇති අතර, ගනේමුල්ල සංජීව ඝාතනය සිදු කළ බව කියන වෙඩික්කරුට මෙම නීතිඥවරිය විසින් ආධාර අනුබල දී ඇතැයි පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙඩික්කරුට අවශ්‍ය ටයි පටි දෙකක්, නීතිඥවරුන්ගේ වාහනවල භාවිතා කරන ලාංඡනය සටහන්වූ ස්ටිකරයක්, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන ග්‍රන්ථ දෙකක්, නීතිඥ හැදුනුම්පතක් සකස් කිරීමට අවශ්‍ය ඡායාරූප ආදිය ලබාදී තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් සඳහන් කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...