2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන – රුවන් නෙළුගොල්ල

2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 751.1 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය 2025 ජනවාරි මාසයේ දී මෙරටට ලැබී තිබුණු ප්‍රේෂණ ප්‍රමාණය වූ ඇමරිකානු ඩොලර් මිලියන 573 හා සැසඳීමේ දී 31.1% ක කැපීපෙනෙන ඉහළයාමක් බවයි මහබැංකුව සඳහන් කරන්නේ.

මේ අතර මේ දක්වා ඉතිහාසයේ කැලැන්ඩර් වර්ෂයක් තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය 2025 වසරේ දී ලැබී තිබුණු අතර එම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 8.07ක් වේ.එහිදී ඉතිහාසයේ තනි මාසයක් තුළ ලැබී ඇති වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය 2025 දෙසැම්බර් මාසයේ දී වාර්තා වී ඇති අතර ඒ ඇමරිකානු ඩොලර් මිලියන 879.1ක් වශයෙනි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවලට දිට්වා සුළි කුණාටුවෙන් පසුව ලැබුණු ප්‍රේෂණ වැනි වෙනත් ප්‍රේෂණ ද ඇතුළත් විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...