2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 751.1 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය 2025 ජනවාරි මාසයේ දී මෙරටට ලැබී තිබුණු ප්‍රේෂණ ප්‍රමාණය වූ ඇමරිකානු ඩොලර් මිලියන 573 හා සැසඳීමේ දී 31.1% ක කැපීපෙනෙන ඉහළයාමක් බවයි මහබැංකුව සඳහන් කරන්නේ.

මේ අතර මේ දක්වා ඉතිහාසයේ කැලැන්ඩර් වර්ෂයක් තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය 2025 වසරේ දී ලැබී තිබුණු අතර එම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 8.07ක් වේ.එහිදී ඉතිහාසයේ තනි මාසයක් තුළ ලැබී ඇති වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය 2025 දෙසැම්බර් මාසයේ දී වාර්තා වී ඇති අතර ඒ ඇමරිකානු ඩොලර් මිලියන 879.1ක් වශයෙනි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවලට දිට්වා සුළි කුණාටුවෙන් පසුව ලැබුණු ප්‍රේෂණ වැනි වෙනත් ප්‍රේෂණ ද ඇතුළත් විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...