රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW :
මෙම (පෙබරවාරි) මාසය සඳහා ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.
වර්තමාන ගෑස් මිල ගණන් පෙබරවාරි මාසය පුරාවටම අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, මේ සම්බන්ධයෙන් නව මිල සංශෝධනයක් සිදු නොකරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 (ගෘහස්ථ) – රුපියල් 3,690.00
කිලෝග්‍රෑම් 5 – රුපියල් 1,482.00
කිලෝග්‍රෑම් 2.3 – රුපියල් 694.00


