කොටිකාවත්ත මන්ත්‍රී ඝාතනයේ සැකකරු ආයුධ පෙන්වීමට ගොස් ඇදවැටී මරුට !

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී සුමුදු රුක්ෂාන් මහතා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරු මියගොස් තිබෙනවා.

අදාල සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම්වලදී ඔහු ආයුධ තොගයක් කඩුවෙල ප්‍රදේශයේ සඟවා ඇති බව අනාවරණය කර තිබෙනවා. ඉන් අනතුරුව විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් සැකකරු ආයුධ සඟවා ඇති ස්ථානයට ගෙනගොස් තිබේ.

එහිදී සැකකරු ගල් වලකින් පහළට වැටී තුවාල ලබා ඇති අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ මියගොස් තිබෙන්නේ කඩවත ඉහළ බියන්විල ප්‍රදේශයේ පදිංචි තුවාන් සිරාන් නමැති පුද්ගලයෙකි. මෙම සැකකරු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා නමැත්තාගේ සමීපතමයෙකු බවද අනාවරණය වී තිබේ. මියගිය පුද්ගලයාට එරෙහිව බරපතල අපරාධ චෝදනා 13 ක් තිබෙන බව පොලීසිය පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...