ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධිචෝදනා භාර දෙයි!

Date:

හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී තිබේ.

ඒ,2013 වසරේ සතොස ආයතනයේ සේවකයින් සිය නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට රු. 11 ලක්ෂයකට අධික පාඩු සිදු කළේ යැයි චෝදනා මතය.

අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේයි අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබෙන්නේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේදීයි මෙම අධිචෝදනා භාර දී තිබුණි.

අනතුරුව විත්තිකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

කෙසේවෙතත් ඔවුන්ගේ විදේශ ගමන්, නඩු විභාගය අවසන් වන තෙක් තහනම් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

එමෙන්ම, විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසට ත් සෑම මසකම අවසන් ඉරිදා දින අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකයට වාර්තා කළ යුතු බවටත් විත්තිකරුවන් වෙත කොන්දේසි පනවා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...