ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධිචෝදනා භාර දෙයි!

Date:

හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී තිබේ.

ඒ,2013 වසරේ සතොස ආයතනයේ සේවකයින් සිය නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට රු. 11 ලක්ෂයකට අධික පාඩු සිදු කළේ යැයි චෝදනා මතය.

අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේයි අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබෙන්නේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේදීයි මෙම අධිචෝදනා භාර දී තිබුණි.

අනතුරුව විත්තිකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

කෙසේවෙතත් ඔවුන්ගේ විදේශ ගමන්, නඩු විභාගය අවසන් වන තෙක් තහනම් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

එමෙන්ම, විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසට ත් සෑම මසකම අවසන් ඉරිදා දින අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකයට වාර්තා කළ යුතු බවටත් විත්තිකරුවන් වෙත කොන්දේසි පනවා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...

තැපැල් දෙපාර්මේන්තුව සහ සෞදි තෑපෑල අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : තැපැල් දෙපාර්මේන්තුව සහ...

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...