නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW:
ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා වනිදු හසරංග සෞඛය හේතු මත සහභාගි නොවන බව වාර්තා වෙනවා.අයර්ලන්තය සමග පැවති තරගයේදි යළිත් පාදයේ ආබාධය මතු වීම නිසා ඔහු අසීරුතාවයට පත් වුවත්,ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපවීමකින් පන්දු යවමින් කඩුලු 3 ක් දවා ගන්නට වනිඳු සමත් වුණා.
වනිඳුගෙන් හිස්වන ස්ථානය සඳහා දුශාන් හේමන්ත නම් කරන්නට මේ වන විට අයිසීසී අනුමැතිය ලැබ තිබෙනවා.පන්දු යැවීමේ තුන් ඉරියව් දක්ෂතා ඇති දුශාන් හේමන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේද කණිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස දක්ෂතා දක්වා තිබෙනවා.
මේ නම් කිරීම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන ඕමානයට එරෙහි තරගයට පමණක් ද යන්න සහ වනිදු සුව අතට හැරුණොත් ඉදිරියේදී නැවත කණ්ඩායමට පැමිණිය හැකිද යන්න අනාවරණය වී නැහැ.


