Home පුවත් ක්‍රී​ඩා ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

0
6

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW:

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘
රොහාන් පෙරේරා අධ්‍යක්ෂණය කරන ලද එම චිත්‍රපටය ඔබ නරඹා තිබිය හැකිය.ගම්බද පාසලක දරුවන් කණ්ඩායමක් පාපන්දු තරගයකින් කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරයි.ඔවුන් බපසුබැස සිටින අවස්ථාවේදී පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන ජයලත් මනෝරත්නයන් කණ්ඩායම දිරි ගන්වනු පිණිස කියන එම දෙබස සිහියට නැඟුණේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරාජය කළ අයුරු දුටු විටය.එකාමෙන් මුළු තරගයටම මනසින්.සහ කයින් කැප වී ක්‍රීඩා කළ සිම්බාබ්වේ ක්‍රීඩකයින් ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කරන ලද කඩුලු 2 ට ලකුණු 169 රැක ගනිමින්,ලකුණු 23 න් තරගයද ජය ගනිමින් ඔස්ට්‍රේලියාවේ සියල්ලම ලකුණු 146 ට දවා ගත් ආකාරය දුටු විට එම චිත්‍රපට දෙබසම සිහියට නැඟෙයි.

සිම්බාබ්වේ පිතිකරණයේදී පෙන් වූයේ ඉවසීම සහ ප්‍රවේගකාරීත්වය මුසු අපූරු ක්‍රීඩා රටාවකි.ඔවුන් ඔස්ට්‍රේලියානුවන්ට කඩුලු උඳුරා ගන්නට නොඳුන්නේය.ප්‍රේමදාස පිටියේ හැසිරීම ඉදිරියේ අක්ස්ලේටරය පමණක් භාවිතා නොකර නිසි පරිදි බ්‍රේක් ද යොදා ගත යුතු බව ඔවුන් අවබෝධ කර ගෙන සිටියේය.
බ්‍රයන් බෙනට් නොදැවී 64
ටඩිවංශේ මරුමානි 35,
රයාන් බර්ල් 35,
සිකන්දර් රාසා නොදැවී 25
ඉහත දැක්වෙන්නේ සිම්බාබ්වේ ඉණිමේ සාරංශයය.බෙනට් මා ඉහත කි ගුණාංගයන් කදිමට පිළිඹිබු කළේය.ඔහු මේ තරගාවලියේදී මේ දක්වා ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණවලදි කුසල් මෙණ්ඩිස් රඟ දැක් වූ භූමිකාව කළ කෙනාය.ආරම්භක කඩුල්ලට ඔහු ප්‍රහාරාත්මකව පහර දෙන්නට ටඩිවංශේ මරුමානිට ඉඩ දී බෙනට් පාලනයකට යටත්ව කඩුල්ල රැකගෙන උන්නේය.ඉණිමේ අවසාන භාගයේ ඔවුන්ගේ නායකයා වන,ලෝකයේ සිටින අද්වීතීය විස්සයි විස්ස ක්‍රීඩකයෙකු වන සිකන්දර් රාසා ගිණිකෙළි ස්වරූපයෙන් පන්දු 13 දී ලකුණු 25 ක් එක් කරා හැරෙන්නට සිම්බාබ්වේ පිතිකරුවන් වේගවත් වුව ද,ඔවුන් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට කඩුලු නොදීම වගකීමක් හැටියට ගෙන තිබිණ.


කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව දුන් සිම්බාබ්වේ කණ්ඩායම ඔස්ට්‍රේලියානු දැවන්ත පන්දු යැවීමේ කඳවුරට සාර්ථක පළ නෙලා ගන්නට නොඳුන්නේය.ලබා දුන්නේ කඩුලු 2 කි.එසේම ලකුණු 169 ක් යනු ඕවරයකට ලකුණු 8 ඉක්මවන ලකුණු වේගයක්ය.එහි පීඩනයට වඩා ඔස්ට්‍රේලියානුවන්ට යම් අවමානයක්ද ඇත.ඒ හැව ඉවත් කරන්නට දරණ උත්සාහයට ඔස්ට්‍රේලියානුවන් පිවිසෙන මොහොත ගැන කල්තියා අවබෝධයෙන් සිටි සිම්බාබ්වේ කඳවුර දැනගෙන සිටි එකම දේ දැනගෙන සිටිය යුතුම දේ විය.
‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘
ඔවුන් එම වචන පෙළ මතම පිහිටා ක්‍රියා කළේය.කිසිඳු සුළු හෝ අවස්ථාවකදි හුස්ම ගන්නට නොදෙන අන්දමේ තෙරපීමක් සහිතව බ්ලේසින් මුසර්බානි ඉලක්කයටම පන්දු යැවීය.බ්‍රැඩ් එවන්ස් එල්ල කළ පීඩනයද ඒ හා සමාන නොවුණේ ලබා ගත් කඩුලු ගණනින් පමණි.මුසර්බාන් ලකුණු 17 ට කඩුලු 4 ක් සහ එවන්ස් ලකුණු 23 ට කඩුලු 3 ක් කියන කාරණා දෙක සළකා බලද්දී පන්දු ඕවර් 8 ට ලකුණු 40 ට කඩුලු 7 ක් ය.එවිට ජයග්‍රහණයට පන්දු ඕවර් 12 ක් තුළ ලකණු 130 ක් කඩුලු 3 ක් රැකගෙන ලැබිය යුතුය යන සරල රීතිය සපුරා ගන්නට බොහෝ දුෂ්කර පිළිතුරක් ඔස්ට්‍රේලියානුවන්ට සොයා ගන්නට ඉතුරු කරන්නේය.
ගෞරවය බේරා ගැනීම වෙනුවෙන් ග්ලෙන් මැක්ස්වෙල් 31, මැතිව් රැන්ෂෝ 65 පමණක් යම් සටනක් කරන්නට සමත් වුව ද,අන් සියල්ලම සිම්බාබ්වේ වේගයට හසුව ගසාගෙන සැහැල්ලුවෙන් ගසාගෙන ගිය කඩුලු බවට පත් විය.ට්‍රැවිස් හෙඩ් ලබපු ලකුණු 17 පමණක් ඒ හැරෙන්නට ඉලක්කම් දෙකේ ලකුණුක් හැටියට ඔස්ට්‍රේලියානු ලකුණු පූවරුවේ සටහන්ව තිබිණ.


පහතින් ඇත්තේ තරගයේ සාරංශගත විග්‍රහයට පිවිසෙන්නට මඟය.එසේම ශ්‍රී ලංකාවටත් හමුවන්න නියමිතව ඇත්තේ ඔස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම්ය.එතැනදි කොහොමද කරන්න ඕනි කියලා ඇහැව්වොත් මම කියන්නේ පහත උත්තරයමය.
‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘
https://bit.ly/3Maa6zF