සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එක්සත් ජනපදය ලොව දෙවන විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවද මැද පෙරදිගට යැවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද(14) නියෝග කර තිබේ.
ඒ අනුව, USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් සහ එහි සහාය දක්වන යුද නැව් තවත් සති තුනකින් පමණ මේ වන විට මැදපෙරදිග කලාපයේ ඇති USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව සමඟ එකතු වනු ඇති අතර මේත් සමඟ නැවත කලාපය තුළ යුධ ආතතීන් ඉහල යනු ඇති අතර එක්සත් ජනපද හමුදාවේ යුධ ශක්තිය වැඩිවනු ඇත.
එක්සත් ජනපදය සහ ඉරානය පසුගිය සතියේ ඕමානයේ වක්‍ර සාකච්ඡා වටයක් පැවැත්වූ අතර, ඉන් පසුව වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණත්, මෙතෙක් දිනයක් නියම කර නොමැත. ඉරානය සමඟ මතුවෙමින් පවතින සාකච්ඡා කිරීම සඳහා ට්‍රම්ප් වොෂින්ටනයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ සාකච්ජා කර දිනකට පසුව ජනාධිපති ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත.
සම්බාධක සහන සඳහා හිලව් වශයෙන් ඉරානය තම න්‍යෂ්ටික පොහොසත් කිරීමේ වැඩසටහන සීමා කිරීමට කැමැත්තෙන් සිටින බව පෙන්වා දී ඇති මුත් ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන සීමා කිරීම සහ හිස්බුල්ලා සහ අනෙකුත් ප්‍රොක්සි කණ්ඩායම් සඳහා සහාය කපා හරිමින් සම්මුතියකට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන්, ජනාධිපති ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබුණේ, තම පරිපාලනය සමඟ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වීම ඉතා කම්පන සහගත වනු ඇති බවත් සාකච්ඡා ඉක්මනින් අවසන් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්ය.

