නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW:
අප මීට පෙර ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියට තරුශි කරුණාරත්නගෙන් විමසුවේ නැද්ද යන්න ගැන සහ ඇයට අමාත්‍යංශයෙන් දෙන අනුග්‍රහයන් නොලැබෙන්නේ ඇයිද යනුවෙන් ප්‍රශ්න කර සටහනක් තැබීය.
ඒ සටහනට මෙතනින් පිවිසෙන්නට හැකිය.
https://sinhala.lankanewsweb.net/02/10/249094/
අප තැබූ සටහනට වඩාත් සාධාරණය ඉටු කරමින් තරුශි,2024 ජූනි 18 සිට තවමත් නොසෙල් වී තිබෙන මීටර් 600 ඉසව්වේ ආසියානු වාර්තාවට (1:24.84) ට ආසියානු ගාහස්ථ වාර්තාව ද එක් කර ගනිමින් 2026 පෙබරවාරි 13 වන දා Don Kirby Elite Indoor තරගාවලියේ දී ආසියානු ගෘහස්ත වාර්තාව ද ඇයගේ නමට ලියා ගන්නට සමත් වූවාය.ඒ විනාඩි 1:28.92 ක දක්ෂතාවයක් දක්වමින්ය.එම ඉසව්වේ මීටර් 600 තරග 6 ක් පැවති අතර තරුශි තරග වැදුණේ වඩාත්ම තරගකාරී පළමු තරගයටය.එහි ජයග්‍රාහිකාව වූයේ ඇමෙරිකාව නිෂ්පාදනය කරමින් සිටින අති දක්ෂ සප්ත ප්‍රයාම සූරියක වන මෙයිසි ටේලර් ය.ඇය සහ තරුශිගේ තරග නිමා කිරීමේ කාල පරතරය දශම තුනක් වූ අතර ඇය ඉසව්ව විනාඩි 1:28.89 න් තරගය නිමා කළාය. Brigham Young University නියෝජනය කරමින් ඇය තරග වැඳුණාය.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යවරයාට තරුශිව ලෝකයක් ජයගත හැකි,ආසියාව ජයගත හැකි ක්‍රීඩිකාවක් යන්න එතුමා පත් කරගෙන සිටින මහා දැවන්ත උපදේශකයන්,ජාතික මට්ටමේ දක්ෂතා සම්බන්ධයෙන් ඇගයීම් කරන්නන් පවසා නැත්තේ ඇයි ද යන්න අපි නොදන්නෙමු.සමහර විට සමහර පිරිස් තමන් යැපෙන ඉතිහාසය මකා දමමින් අලුතින් දීප්තිය විහිදෙන තරු ලකුණු පායනවාට අකමැත්තෙන් සිටිනවා ද විය හැකිය.
මේ ආකාරයට වැරද්දක් පෙන්වා දුන් විට එය පිළි නොගැනීම,වරද නිවැරදි කිරීම තමන්ගේ අභිමානයට හානියක් සහ මදිකමක් කියා සිතන මානසිකත්වයෙන් කටයුතු කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ සාමාන්‍ය සිරිතය.කවුරුන් හෝ පෙන්වා දෙන දෙයක් නිවැරදි කර තමන්ගේ පැත්තෙන් දේශපාලනිකව පෝෂණය වීමට වඩා ඔහුව මෙහෙයවමින් සිටින්නේ යම් අයෙකු යම් දෙයක් කී විට එය අතපසුවීමක් ලෙස හඳුනාගෙන නිවැරදි කිරිමට යාමෙන් තමන්ගේ දේශපාලන පෞරුෂයට කැළලක් විය හැකි බවය.
කෙසේ හෝ අලුත්ම තත්ත්වය තමන්ව නොදැක,නිද්‍රාවේ සිටින ක්‍රීඩාවේ බලධාරීන්ට මෝල් ගහකින් ගසා අවදි කරන දිවිල්ලක් දුවා තරුශි තමන්ගේ ආසියානු මීටර් 600 වාර්තාවට ගෘහස්ථා වාර්තාව ලෙස පැවති පිලිපීනයේ ලොරොන් හොෆමෑන් සතුව පැවති විනාඩි 1:30.33 ක් වූ වාර්තාව ද තමන්ගේ නමින් ලියා ගැනීමටය.එම වාර්තාගත දිවීම ශ්‍රී ලංකාව සතු වාර්තාවක් ලෙස නිවේදනය කිරීමට සහ ආසියානු මලල ක්‍රීඩා බලධාරීත්වයට දැන්වීමට අමාත්‍යවරයාට බලකරන කවුරුන් හෝ නිලවරණයට පෙත්සම් ගසන ආකාරයට ඉදිරිපත් වන්නේදැයි අපි බලාපොරොත්තුවෙන් සිටිමු.එහෙත් සැකය ඇත්තටම නිදා ගෙන නැති,බොරුවට නිදා සිටින උන්ට අවදියෙන් නිදි සේ ඒ දෙස නොබලා සිටින්නට හැකිවීමය.
අමාත්‍යංශය මෙන්ම මලල ක්‍රීඩාවේ දුවපු දිවිලි,පැනපු පැනිලි,වීසි කරපු වීසි කිරිලි බලමින් පරිපාලන පුටු වෙන් කර දෙන්නට දඟළන කිසිවෙකු තමන් පිට්ටනියේ වගුරන දහදිය වලට නිසි වටිනාකමක් නොලැබෙන්නේ නිසි පරිපාලන බුද්දියකින් සහ කළමණාකරනයකින් එය මෙහෙයවීම සිඳු නොවුණ නිසා බව නොදන්නේය.තරුශිලා කොච්චර දිස්නෙ ගැහැව්වත් ඒවා අමාත්‍යංශයට හෝ මලල ක්‍රීඩා පරිපාලනයට නොදැනෙන තිත්ත සහ අප්පිරියා සහගත ඇත්ත එයය.
ඒවා වෙනස් කරන්නට පරිපාලනමය හැකියාව සතු අයට ක්‍රීඩා පරිපාලනයට පිවිසීමට අවස්ථාව දීම වෙනුවට අමාත්‍යවරයා සංශෝධනය කළේ තමන්ගේ වෘත්තිය ඇතුළු තවත් වෘත්තීන් තුනක් සකලවිධ ප්‍රභූත්වයට සුදුසු බවට සංශෝධනයක් ගෙන ඒමය.මේ සියල්ලෙන් දීප්තිය විහිදුවන තරුශිලා වැසී යමින් ඇත.කණගාටුව එයය.
https://web.facebook.com/reel/1786856789367522




