ගෝඨාභය හෙට තායිලන්තයට !

මේ වනවිට සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11) දිනයේදී තායිලන්තය වෙත ගමන් කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ජුලි 09 වැනිදා ඇති වූ විරෝධතා හමුවේ රටින් පළාගිය ගෝඨාභය රාජපක්ෂ මහතා දින කිහිපයක් මාලදිවයිනේ රැඳී සිටි අතර ඉන් අනතුරුව ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඔහු සිංගප්පූරුවේ රැඳී සිටී.

සති දෙකක කාලයක් සඳහා ඔහුට සිංගප්පූරුවෙන් වීසා ලබාදුන් අතර එම වීසා කාලය ඉක්මයා‌මෙන් පසුව තවත් සීමිත කාලයකට ඔහුගේ වීසා කාලය දීර්ඝ කෙරිණි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවද මාධ්‍ය වාර්තා කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...