චීනයෙන් එන අලුත්ම වෛරසය ලංග්‍යා – දැනටමත් ආසාදිතයන් 53 ක් !

නැගෙනහිර චීනයේ ප්‍රාන්ත කිහිපයකින් අලුත් වෛරසයක් හඳුනාගෙන තිබෙනවා. ලංග්‍යා නමින් හඳුන්වන මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 53 දෙනෙකු මේ වනවිට වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.

නැගෙනහිර චීනයේ ෂැංඩොං සහ හෙනාන් යන ප්‍රාන්තවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ. වෛරසය තවදුරටත් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර චීනයෙන් පිටත මේ දක්වා කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

ලංග්‍යා වෛරසය මිනිසුන්ට මෙන්ම ක්ෂීරපායී සතුන්ටද හානි කරන වෛරසයක් ලෙස හඳුනාගෙන තිබේ. කෙසේ නමුත් මේ දක්වා වෛරසයට කිසිදු ප්‍රතිකාරයක් හඳුනාගෙන නොමැත.

තද උණ, මහන්සිය, කැස්ස, ආහාර අප්‍රිය වීම, මස්පිඩු වේදනා, කැරකිල්ල, වමනය සහ තද හිසදරය රෝග ලක්ෂණ වෙයි. සිරුරේ රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) අඩු වීමක්ද සිදුවෙයි. අක්මාව සහ වකුගඩු අඩපණ කිරීමටද ‘ලංග්‍යා’ වෛරසය සමත් වෙයි.

තවමත් ලොවට දැඩි බලපෑමක් සිදු කරන කොවිඩ් 19 වෛරසයද චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ අතර ලංග්‍යා වෛරසය හඳුනා ගන්නේ කොවිඩ් වෛරසය හඳුනාගෙන වසර 03 කට ආසන්න කාලයක් ගතවෙද්දීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...