අධ්‍යාපන පද්ධතිය තුළ ගුණාත්මක වෙනසක් ඇති කළයුතුයි – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ ගුණාත්මක වෙනසක් ඇති කිරීම සඳහා ගුරු පුහුණු විෂයමාලා නවීකරණය කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පැහැදිලි කරයි.

පසුගියදා  ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි විෂයමාලා නවීකරණය කිරීම සම්බන්ධ මෙහෙයුම් කමිටු සාමාජිකයින් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

අග්‍රාමාත්‍යවරිය විසින් ඒ සඳහා ඉදිරිපත් කරන ලද මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වන්නේ සියලුම ගුරුවරුන් උපාධිධාරීන් බවට පත් කිරීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි.

ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පවතින ඩිප්ලෝමා පාඨමාලා අධ්‍යාපනවේදී උපාධියක් දක්වා උසස් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ සහ සැලසුම් මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇත.

ගුරුවරුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම හරහා සමාජ පරිවර්තනයකට උචිත නූතන සිසු පරපුරක් බිහි කිරීම මෙහි ප්‍රමුඛ අපේක්ෂාව වේ.

මීට අමතරව, ශිෂ්‍ය සුබසාධනය සහ විද්‍යාපීඨවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි ද රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. මෙම ප්‍රතිසංස්කරණ මගින් ගුරු අධ්‍යාපනයේ ප්‍රමිතිය ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මී. මී.100ට වැඩි තද වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : මේ වනවිට...

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...