ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි ලන්ඩන් නඩුව අද (18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතයි.
එංගලන්තයේ සිදුකළ සංචාරයකදී රුපියල් ලක්ෂ 166කට අධික රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබෙන අතර එම සංචාරය පෞද්ගලික සංචාරයක්ද නැත්නම් නිල ආරාධනයක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම අධිකරණය හමුවේ පවතියි.
ඒ අනුව පසුගිය නඩු වාරයේදී අධිකරණය නියෝග කර තිබුණේ ඒ පිළිබඳව අදාළ විශ්ව විද්‍යාලයෙන් තහවුරුවක් ලබා ගන්නා ලෙසයි.
මෙම විමර්ශනයට අදාළව ආපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලන්ඩනය වෙත ගොස් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ප්‍රකාශ ලබා ගෙන තිබුණි.
ඒ අනුව අදාළ සංචාරය පිළිබඳ එරට තානාපති කාර්යාලය දැනුවත් කර තිබී නැත. තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ ප්‍රකාශ හරහා අදාළ සංචාරය පෞද්ගලික සංචාරයක් බවට තහවුරු වී තිබෙන බව පසුගිය නඩු වාරයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පවසන ලදී.
කෙසේවෙතත් එහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු දක්වමින් පැවසුවේ “තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගත් පමණින් මේ ලියවිල්ලේ (හිටපු ජනධිපතිවරයා වෙත ලැබී තිබුණු ආරාධනා පත්‍රය) සත්‍ය අසත්‍යභාවය සොයා ගන්න බැහැ,” යනුවෙනි.
සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් පසුගිය නඩු වාරයේදී පැවසුවේ “එක් කරුණක් හැර ඉදිරිපත් වී ඇති සියලු කරුණුවලින් බැලූ බැල්මටම මේ සැකකරු නිරත වී ඇති සංචාරය පෞද්ගලික සංචාරයක් බව පෙනී යනවා.”
“ඒ සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත් වෙනවා. නමුත් මීට පෙර අධිකරණය කළ එක් නියෝගයක් තවම සම්පූර්ණ වෙලා නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු බව කියන ආරාධනා ලිපිය ගැන අදාළ විශ්වවිද්‍යාලයෙන් ප්‍රකාශ ලබාගෙන නෑ.” යනුවෙනි.
ඒ අනුව විශ්ව විද්‍යාලයෙන් අදාළ පැහැදිලි කර ගැනීම ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් අදාළ තහවුරුව ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විද්‍යුත් තැපෑල සහ ගුවන් තැපෑල මඟින් එම විශ්වවිද්‍යාලයේ බලධාරීන් වෙත ප්‍රශ්න 9කින් යුත් ලිපියක් යොමු කර තිබේ.
ඒ අනුව අද දිනයේදී එම තොරතුරු අධිකරණය වෙත ඉදිරිපත්වනු ඇතැයි අපේක්ෂාවක් පවතියි.
එම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඔහු ද අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය බිරිඳ වන මහාචර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානොත්සායක් වෙනුවෙන් එම ලන්ඩන් සංචාරය සිදුකර තිබුණි.


