නිශ්මං රණසිංහ පෙබරවාරි 18, කොළඹ LNW:
මංචි ජාතික සූරතාවලියේ ආධුනික පිරිමි අවසන් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර එයින් වට 3-2 ක ජයක් ලබන්නට රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායමට හැකි වුණා.ඔවුන් අතින් පරාජයට පත් වුණේ අලුත් බලවේගයක් හැටියට ලාංකේය වොලිබෝල් කේෂ්ත්‍රයට එකතුවන ෆාහීම් ජෙම් කණ්ඩායමයි.එය වටිනා එකතුවීමක් වන අතර එහි ඇති ජාතිකත්ව සහ ආගමික අනන්‍යතාවයේ සිට ඇති දුරස්කම සැළකූවිටත්,ක්‍රීඩාව සැබවින්ම ජාතික වීමට අවශ්‍යය හැඩය එකතු කිරිමක් ලෙස දැක්විය හැකියි.කෙසේ නමුත් ශ්‍රී ලංකා වොල්බෝලයේ තමන්ගේ තැනට වඩා සර්වබලධාරීවීමට යන නිලධාරියෙකු,සංගමයේත්,මහජනතාවට වගකියන රාජ්‍යය හා බැදුණු සේවාවක නිරත වෙන වගකීමක් ඇති සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ අභිමානයටත් හාන කරමින් කරන අනවශ්‍යය අත පෙවීම නිසා මේ විශිෂ්ඨ තරගයේ දක්ෂයන්ට ජය සංඛේත පිරිනැමීම සිඳු වුණේ නැහැ.ඒ එම තරගාවලියේ අකටයුතුකමක් ගැන ක්‍රීඩා අමාත්‍යංශයට ලැබුණු පැමිණිල්ලක් නිසයි.
අවසාන තරගයට ක්‍රීඩා කරපු ෆාහිම් ජෙම්ස් කණ්ඩායම විසින් ජයග්‍රාහී රාජසිංහයට එල්ල කරන ලද විරෝධතාවක් නිසා මේ ත්‍යාග ප්‍රදානය නැවතුණේ නැහැ.ඔවුන් අවසාන තරගයට පිවිසීම සඳහා තරගාවලියේ කිසිඳු නීතිමය සාධකයකින් බැහැරව කටයුතු කළ බවට චෝදනා එල්ල වී නැහැ.නමුත් ෆාහීම් කණ්ඩායම සහ පොතුපිටිය කණ්ඩායම අතර තරගයේදී එම කණ්ඩායමට එරෙහිව ෆාහීම් ජෙම්ස් කණ්ඩායමෙන් එල්ල වූ චෝදනා මීට ඉහත කී සර්වබලදාරී නිලධාරියා විසින් මඟ හැර යාමට උත්සාහ කළත්,අවසානයේ වොලිබෝල් ක්‍රීඩාව හොඳින් දන්නා විධායක සභාව එම තීරණය ප්‍රතික්ෂේප කර සිඳු වී ඇති අකටයුතුකම් අධ්‍යයනය කර පොතුපිටිය කණ්ඩායමට අවසාන තරගය අහිමි කරනු ලැබුවා.
පොතුපිටිය කණ්ඩායමට එරෙහිව විධායක සභාවේදී අදාළ තීරණය ගැනීම සඳහා සළකා බැලූ කරුණු ගණනාවක් දැකිය හැකි වෙනවා.එහිදී පළමුවෙන් අවධානය යොමු වුණේ ඉල්ලුම්පතේ ඇති නමක් කපා කොටා වෙනත් නමක් යොදා තිබීම සම්බන්ධවයි.එසේම ෆාහිම් ජෙම්ස් කණ්ඩායම විරෝධතාවය නිසි වේලාවට යොමු නොකිරිම ගැන ද මෙහිදි වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කර ඇති නිලධාරියාගේ ක්‍රියා කළාපයද අවධානයට ලක් කරනු ලැබුවා.වෙලාව ඉවත් වී ඇත්නම් එම විරෝධතාවය භාර ගැනීමට අවශ්‍යය වන්නේ නැහැ.භාර ගත්ත ද එය වෙලාව ඉක්මවා භාර දීම සළකා පරීක්ෂණයකට නොකැදවා එම කාරණය දන්වන්නට තිබුණත්,පරීක්ෂණයට කැඳවා ඒ බව පවසා පරික්ෂණය නොපැවත්වෙන බව කීම, වගකිව යුතු ක්‍රීඩා පරිපාලන ඒකකයකින් නොවිය යුතුව තිබුණා.
ඒ අනුව වොලිබෝල් සම්මේලනයේ නිලධාරි බලය ප්‍රජාතාන්ත්‍රික සීමාවන් අතික්‍රමණය කර තමන්ගේ අභිමතය පරිදි ක්‍රියා කරන්නට ලැබුණු වරප්‍රසාදයක් සේ හැසිරි ඇති නිලධාරියා,ඔහුගේ ලැජ්ජා නැති කමට විධායක සභාවේම රෙදි බුරුල් කර තිබෙන බව විධායක සභාවට යම් ආකාරයකින් තේරුම් ගොස් තිබුණා.සමහර විට සභාපතිවරයාට සහ ලේකම්වරයාට කුඩා කළ අසා ඇති රජුගේ වඳුරා සහ කඩුව කතාව ද සිහිපත් වන්නට ඇතැයි සිතෙනවා.
කෙසේ නමුත් විශාල ප්‍රේක්ෂක අවධානයක් ඇති රටම බලා සිටින මොහොතක මේ අවසාන තරගයේ ත්‍යාග ප්‍රදානය කරන්නට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා වොලිබෝල් පරිපාලනය යම් කිසි අපහසුවකට සහ පසුබෑමකට ලක් වූ බව අප පිළිගත යුතු වෙනවා.එහෙත් ඒ වන විටත් තමන් අතින් වෙන්නට ගිය විශාල වැරද්ද නිවැරදි කර නෛතිකව තරගාවලියේ නීතිමය රාමුව අවනතව වැඩ කළ කණ්ඩායම් දෙක අවසාන තරගය සඳහා ගෙන එන්නට වොලිබෝල් විධායක කමිටුව කටයුතු කර තිබුණ බැවින්,එම ගැටළුවට ඉක්මණින් විසඳුම් ලැබී මේ අවසාන තරගයේ ත්‍යාග ප්‍රදානයට ඇති බාධාවන් ඉවත්වෙනු ඇති බව අප විශ්වාස කරනවා.මන්ද යත් තමන්ට වූ අසාධාරණයට විසඳුම් ලැබී ෆාහීම් ජෙම්ස් කණ්ඩායම ඒ වන විටත් අවසාන තරගයට ක්‍රීඩා කරන්නට අවස්ථාව ලබාගෙන තිබුණා.ක්‍රීඩා අමාත්‍යංශය ද මේ අවසාන තරගයට පෙර මේ සම්බන්ධයෙන් වොලිබෝල් විධායක සභාව හා සාකච්ඡා කර තිබුණානම් බොහෝ විට විශාල ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ ෆාහීම් ජෙම්ස් සහ රාජසිංහ අවසාන තරගයේ ක්‍රීඩකයන්ටත් එම අභිමානවක් අවස්ථාවේ දී ම සිය දක්ෂතාවලටත් ඇගයීම් ලබන්නට තිබුණා.


